- මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි පිළිබඳව වැදගත් කරුණු.
-
මව – කළුදුර මල්දෝද සිල්වා.
- මිගෙට්ටු වත්තේ ගුණානන්ද හිමිගේ චරිත ලක්ෂණ / නායකත්ව ලක්ෂණ.
1. චතුර කථිකත්වය.
2. අධිෂ්ඨානශීලීත්වය.
3. ආත්ම ශක්තිය.
4. ස්ථානෝචිත ප්‍රඥාව.
5. සමයාන්තර ඥාණය.
සටහන:-
සමයාන්තර ඥාණය යනු, අතිරේක දැණුම වැනි අර්ථයකි. ගුණානන්ද හිමියන් සතු බයිබලය හා ක්‍රිස්තියානි දහම පිළිබඳව තිබූ හසල දැණුම මෙමගින් අදහස් කෙරේ.
6. ප්‍රතිවාදීන් නිරුත්තර කරවන වාග් ශක්තිය.
7. තර්ජන ගර්ජන හමුවේ අභීතව ක්‍රියා කිරීම.අභ්‍යාස:-
ශ්‍රේණි විභාගය 2016
1. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ විසින් මිසදිටු බලය බිඳහෙළීමට කළ සේවය කරුණු වශයෙන් දක්වන්න. (ල. 5)ආදර්ශ ප්‍රශ්න
1. 1873 දී පැවැත්වූ පානදුරා වාදය පසු කාලීනව මෙරට ඇතිවුනු බෞද්ධ පුනරුද ව්‍යාපාරයට මූලාරම්භය විය. ඒ කෙසේද? පහදන්න. (ල. 10)
පියා – ගින්ගම ලද්දු අසනේරිස් මැන්දිස්.
ගිහි නම – මිගෙල් මැන්දිස්.
ගම – දකුණු පලාතේ බලපිටියේ මොහොට්ටිවත්ත (මිගෙට්ටුවත්ත) ග්‍රාමය.
ගිහි කල අධ්‍යාපනය – බලපිටිය සුභද්‍රාරාමාධිපති බලපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේගෙන්.
මුල් වරට පැවිද්ද – දොළොස්වැනි වියේදී.
පැවිදි නාමය – මිගෙට්ටුවත්තේ ගුණානන්ද.
ආචාර්යයන් වහන්සේ (පැවිදි කාලයේ ගුරුවරුන්) – බලපිටියේ ගුණරතන ස්වාමීන් වහන්සේ සහ තෙලිකඩ පියරතන ස්වාමීන් වහන්සේලා.
උපැවිදි වීම – පියාගේ අභාවයත් සමග මව රැකබලා ගැනීම පිණිස උපැවිදි වීමට සිදු විය.
කිතු දහම හැදෑරීම – හෙතෙම ඥාතියෙකු වූ රෝමානු කතෝලික පූජකවරයෙකුගෙන් බයිබලය හා ක්‍රියස්තියානි ධර්මය උගත්තේය.
දෙවනවර පැවිද්ද – විසි වැනි වියේදී.
ආචාර්යයන් වහන්සේ – තෙලිකඩ සෝනුත්තර ස්වාමීන් වහන්සේ.
බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කළ සේවය –
1. ඉංග්‍රීසි ආණ්ඩුවේ බෞද්ධ විරෝධී ක්‍රියාමාර්ග වලට එරෙහි වීම.
2. බෝධිරාජ සමිතිය නමින් සංගමයක් පිහිටුවා ක්‍රිස්තියානි ආණ්ඩුව විසින් කපා දමන ලද බෝ ගස් තිබූ තැන්වල යලි බෝ ගස් රෝපණය කිරීම.
3. ක්‍රිස්තියානි පූජකයන් බුදුදහමට විරුද්ධව ගෙන ගිය අසත්‍ය ප්‍රචාර මැඩලීමට හා බුදු දහමේ සත්‍යතාවය ප්‍රකාශ කිරීමට රට පුරා දේශනා පැවැත්වීම.
4. ක්‍රිස්තියානි ආගමේ අසත්‍යතාව ප්‍රකාශ කිරීම සඳහා දුර්ලබ්ධි විනෝදනිය, ක්‍රිස්තියානි වාද මර්ධනය, මෝහ විසානතිය ආදී ග්‍රන්ථ රචනා කර බෙදාහැරීම.
5. මිශනාරි පූජකයන් සමග මුහුණට මුහුණලා වාද පැවත්වීම. 1873 පැවැත්වූ පානදුරා වාදය මේ අතරින් ප්‍රධාන වේ.
6. බෞද්ධ පාසැල් ආරම්භ කිරීමට හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාට සහාය වීම.
අපවත් වීම – හැට හත් වන වියේදී, 1890 සැප්තැම්බර් 21 වන දින.
නොවැම්බර් 11, 2022 at 8:12 ප.ව.
harima hodai
කැමතියිකැමතියි