8-22-1

  • යසෝධරා දේවිය පිළිබඳව වැදගත් කරුණු.

    පියා – මහාමායා දේවියගේ සොහොයුරෙකු වූ සුප්‍රබුද්ධ රජතුමා.

    මවඅමිතා බිසව.

    අග තනතුරඅභිඥාලාභී භික්ෂුණීන් අතර අග තනතුර.

    වෙනත් නම්
    1. බිම්බා දේවි – ස්වර්ණ බිම්බයක් බඳු රූපශ්‍රීයක් ඇති බැවින්.

    2. රාහුල මාතා – රාහුල කුමාරයාගේ මව වූ බැවින්.

    3. භද්දකච්චානා – තෙරණි නාමාවලියෙහි සඳහන් වන නම.

    යශෝධරාව පිළිබඳව සඳහන් වන ජාතක කතා කිහිපයක් –
    1. සඳකිඳුරු ජාතකය – සඳකිඳුරු ජාතකයේදී බෝසතුන්ගේ දිවි ගැලවූ සඳකිඳුරිය යසෝධරාව යි.

    2. වෙස්සන්තර ජාතකය – වෙස්සන්තර ජාතකයේදී බෝසතුන්ට දාන පාරමිතාව පිරීමට සහාය දුන් මන්ද්‍රී දේවිය යසෝදරාව යි.

    සටහන:-
    බුද්ධකාරක ධර්ම
    බුද්ධකාරක ධර්ම යනු බුදු බව ලබා ගැනීමට සපුරාලිය යුතු ගුණධර්ම යි. දස පාරමිතා ආදිය මේ අතර වේ.
     

    සටහන:-
    බුද්ධත්වයෙන් දෙවැනි වසරෙහි බුදුරදුන් ප්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කළ අවස්ථාවේදී දහසක් භික්ෂූන් පිරිවරා වඩින බුදුරදුන් දුටු යසෝදරාව සඳලුතලයේ සිට “චක්ඛ වරංකිත රත්ත සුපාදෝ“ ආදී වශයෙන් නරසීහ ගාථා කියමින් කුඩා රාහුල කුමරුට සිය පියා හඳුන්වා දුන්නාය. නරසීහ ගාථා වල බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිලිබඳව සඳහන් වෙයි.

  • රජ මාලිගයට වැඩම කළ බුදුරදුන්, මේ භවයේ පමණක් නොව පෙර භව වල පවා යසෝධරාව සතු වූ අප්‍රමාණ ගුණ වර්ණනා කරමින් සඳකිඳුරු ජාතකය දේශනා කොට වදාළ සේක.
  • පසු කළෙක මහා ප්‍රජාපතී ගෝතමී තෙරණියගෙන් පැවිදි උපසම්පදාව ලැබූ යසෝධරාව පෙර කරන ලද කුසලයක අනුහසින් අභිඥාලාභී හික්ෂුණීන් අතර අග තනතුර ලැබූ සේක.
    අභ්‍යාස:-
    1. පෙළ පොතේ ක්‍රියාකාරකම් අංක 1, 2, 3 කරවන්න.
    2. යසෝධරාව අග තනතුර ලැබීම සඳහා ඇය පෙර භවයේදී කරල ලද කුසල කර්මය සැකෙවින් සඳහන් කරන්න.