8-21-1

  • ඇතැම් මිනිසුන් මියගිය පසු දුගතිගාමී වීමටත්, ඇතැම් අය සුගතිගාමී වීමටත් හේතුව කුමක් දැයි සාලා ගම් වැසියෝ බුදුරදුන්ගෙන් විමසූහ.
  • එයට පිළිතුරු දෙමින් බුදුරදුන් දේශනා කොට වදාළේ අධර්මයෙහි හැසිරෙන්නා මරණින් මතු දුගතිගාමී වන බවත්, ධර්මයෙහි හැසිරෙන්නා සුගතිගාමී වන බවත් ය.
  • දස අකුසල් පහත දැක්වේ.
    I. කයින් කරන අකුසල් 3 කි.
    1. සතුන් මැරීම හෙවත් ප්‍රාණ ඝාතය.
    2. සොරකම් කිරීම හෙවත් අදත්තාදානය.
    3. කාමයෙහි වරදවා හැසිරීම හෙවත් කාම මිථ්‍යාචාරය.
    සටහන:-
    කාමයෙහි වරදවා හැසිරීම යනු සිය විවාහක බිරිඳ/සැමියා හැර අන් කාන්තාවක/පුරුෂයෙකු සමග රාගික සිතින් කටයුතු කිරීමෙන් වැළකීමයි.

    II. වචනයෙන් කරන අකුසල් 4 කි.
    4. බොරු කීම හෙවත් මුසාවාදය.
    5. කේලාම් කීම හෙවත් පිසුණාවාචා.
    6. පරුෂ වචන කීම හෙවත් ඵරුසාවාචා.
    7. හිස් වචන කීම හෙවත් පම්ඵප්පලාප.

    III. සිතින් කරන අකුසල් 3 කි.
    8. දැඩි ලෝභකම හෙවත් අභිද්‍යාව.
    9. ක්‍රෝධය හෙවත් ව්‍යාපාදය.
    10. වැරදි දැකීම හෙවත් මිථ්‍යාදෘෂ්ඨිය.

  • ඉහත සඳහන් දස අකුසලයන්ගෙන් වෙන්වීම දස කුසල් නම් වේ.
  • දස කුසල් පහත දැක්වේ.

8-21-c1

  • දස අකුසල් කරන්නන් අධර්ම චර්යාවක හෙවත් විසම චර්යාවක යෙදෙන්නන් බවත් දස කුසල් කරන්නන් ධර්ම චර්යාවක හෙවත් සම චර්යාවක යෙදෙන්නන් බවත් බුදුරදුන් විසින් වදාළහ.
  • දස කුසල් දියුණු කරගැනීමෙන් මෙලොවදීම මාර්ගඵල ලබා ගැනීමට වූවද හැකිය.
    අභ්‍යාස:-
    1. පෙළ පොතේ ක්‍රියාකාරකම් සියල්ල කරවන්න.