- වැරදි නිවැරදි කරගත් අයට යහපත් පුද්ගලයෙකු විය හැකි බව සනාථ කරන බුදු දහමේ එන උදාහරණයකි අංගුලිමාල මහරහතන් වහන්සේගේ චරිත කතාව.
- කුඩා කල අහිංසක නම් වූ අංගුලිමාලගේ,
පියා – කොසොල් රජුගේ පුරෝහිත භග්ග නම් බමුණාත්
මව – මන්තානි බැමිණියත්
ගුරුවරයා – දිසාපාමොක් ඇදුරුතුමාත් ය. - අනෙක් ශිෂ්‍යයන්ගේ කේලාම් ඇසූ දිසාපාමොක් ඇතුරු තෙමේ, අහිංසක විසින් මිනිසුන් 1000ක් මරා ගුරු පූජාවක් කළ යුතු බව පැවසීය.
- ඇඟිලි මාලයක් දැරූ බැවින් අහිංසක අංගුලිමාල නමින් ප්‍රසිද්ධ විය.
- අංගුලිමාල විසින් ඇඟිලි 1000ක් සම්පූර්ණ කරගැනීම සඳහා, සිය මව මරා ආනන්තරීය පාපකර්මයක් කරගන්නා බව දිවැසින් දුටු බුදුරදුන් අංගුලිමාලට පිහිට වූ සේක.
සටහන:-
බුදු දහමේ දැක්වෙන පරිදි, පාපකර්ම විවිධ වූ ආකාර යටතේ කොටස් වලට බෙදා වෙන් කොට දැක්විය හැකිය.
කර්මය විපාක දෙන කාලය අනුව ප්‍රභේධ 4 කි.
1. දිට්ඨධම්ම වේදනීය කර්ම – මෙලොවදීම අත් විඳින්නට සිදු වන කර්ම.
උදා:- සුරාව, සූදුව, පාප මිත්‍ර සේවනය
2. උපපජ්ජ වේදනීය කර්ම – ඊලඟ භවයේදීම විපාක ගෙන දෙන කර්ම.
උදා:- ආනන්තරීය පාප කර්ම, ධ්‍යාන ලබාගැනීම.
3. අපරාපරීය වේදනීය කර්ම – සසරේ ඔනෑම ආත්ම භවයකදී විපාක දෙන කර්ම.
4. අහෝසි කර්ම – විපාක දීමට අවස්ථාවක් නොලැබෙන කර්ම.
උදා:- රහතුන් පිරිනිවීමෙන් පසු සියලු පාපකර්ම අහෝසි වී යයි.
ආනන්තරීය පාපකර්ම 5 කි.
1. මව මැරීම
2. පියා මැරීම
3. රහතුන් ඝාතනය කිරීම
4. දුෂ්ඨ සිතින් බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි ලේ සෙලවීම හෙවත් ලෝහිතුප්පාදය
5. සංඝභේදයකර්මය විපාක දෙන අනුපිළිවෙල අනුව ප්‍රභේද 4 කි.
1. ගරුක කර්ම – බලවත් වූ කුසල, අකුසල කර්ම. ගරුක කර්මයකට අනුරූපව ඊලඟ භවයේ උපත සිදු වේ.
2. ආසන්න කර්ම – මරණාසන්න අවස්ථාවේ සිදු කල හෝ ඒ අවස්ථාවේදී සිතට නැගුන කර්ම. ගරුක කර්මයක් නැත්නම් ඊලඟ භවයේ උපත සිදුවනුයේ ආසන්න කර්මයකට අනුරූපවය.
3. ආචිණ්ණ කර්ම – කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද කර්ම. ගරුක, ආසන්න කර්ම නොමැති විට විපාක දීමට ඉදිරිපත් වෙයි.
4. කටත්තා කර්ම – බලවත් චේතනා ශක්තියකින් තොරව සිදු කරල ලද කුසලාකුසල කර්ම. ගරුක, ආසන්න, ආචින්න කර්ම නොමැති විටක විපාක දීමට ඉදිරිපත් වෙයි.කර්මය පුද්ගලයාට බලපාන ආකාරය අනුව ප්‍රභේධ 4 කි.
1. ජනක කර්ම – උපත කෙරෙහි බලපාන්නේ ජනක කර්මයයි.
2. උපත්ථම්භක කර්ම – ජනක කර්මයට අනුව උපන් තැනැත්තාට උපතට අනුරූපව දිවි ගෙවීමට උපකාර වන්නේ උපත්ථම්භක කර්මයි.
3. උපපීළක කර්ම – සැප හෝ දුක නිරතුරුවම විඳින්නට ඉඩ නොදී විඳීම් ස්වභාවය වෙනස් කරවන කර්ම.
4. උපඝාතක කර්ම / උපච්ඡේදක කර්ම – දුර්වල කුසල අකුසල කර්මයන්ගේ ශක්තිය නසාලන කර්ම. - “මහණ, ඔහොම නවතිනු“ යැයි අංගුලිමාල විසින් කළ අණට ප්‍රතිචාර දැක්වූ බුදුරජාණන් වහන්සේ “අංගුලිමාල, මම නැවතී සිටිමි. ඔබද නවතින්න.“ යැයි පවසා එම ප්‍රකාශයේ ගැබ්ව ඇති සැබෑ අරුත පැහැදිලි කළ සේක.
- බුදුරදුන් සත්ව හිංසාව ඇතුලු පාපකර්ම වලින් වැළකී සංසාර චක්‍රය නවත්වා ඇති මුත් අංගුලිමාල සංසාර චක්‍රයේ තවමත් ගමන් කරමින් සිටින බව එම ප්‍රකාශයේ සැබෑ අරුතයි.
- පුරිසදම්ම සාරථී හෙවත් දරුණු පුද්ගලයන් දමනය කිරීමට හැකි ගුණයෙන් හෙබි බුදුරදුන් අංගුලිමාලව එසේ දමනය කොටගෙන, පැවිදි උපසම්පදාව ලබා දී, ජේතවනාරාමයට වැඩම කළ සේක.
සටහන:-
නව අරහාදී බුදුගුණ පිළිබඳව වැඩිදුර විස්තරයක් සඳහා 9 ශ්‍රේණිය 1 පාඩම, තෙරුවන් හැඳින් ගනිමු සහ ඊට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් බලන්න. - පැවිදි වූ මුල් කාලයේ අංගුලිමාල තෙරුන් කෙරෙහි ජනතාවගේ අප්‍රසාදය පළ වූවද පසුව එම තත්වය වෙනස් විය.
- පසුව විදසුන් වඩා රහත් ඵලයට පත් වූ අංගුලිමාල තෙරණුවෝ පහත උදාන වාක්‍ය දේශනා කළ සේක.
“යෝච පුබ්බේ පමජ්ජිත්වා
පච්චා සෝ නප්පමජ්ජති
සෝ ඉමං ලෝකං පභාසෙති
අබ්භා මුත්තෝච චන්දිමා”
“යමෙක් මුලදී පමාවූවත් පසුව නොපමාව වේනම්, ඔහු වළාකුළින් මිදුණු සඳක් මෙන් මේ ලෝකය බබළවයි.” - අංගුලිමාල තෙරුන් විසින් එදා දේශනා කොට වදාළ අංගුලිමාල පිරිත අදටත් ගැබිණි මවු වරුන් ආශිර්වාද පතා ශ්‍රවණය කරයි.
වැදගත්:-
අංගුලිමාල කතා පුවතින් පහත දැක්වෙන ආදර්ශ ගත හැකිය.
1. ඉගෙනීමට දක්ෂ සිසුන්ට ඊර්ෂ්‍යා නොකර එම දක්ෂතා වැඩිදියුණු කර ගැනීමට උදව් කිරීම.
2. ඉගෙනීමට දක්ෂ සිසුවාගෙන් අනෙක් සිසුන් උදව් උපකාර ලබා ගැනීම.
3. ගුරුවරයා වැරදි අවබෝධයක සිටී නම් සිසුන් විසින් සත්‍ය වටහා දීම.
4. ගුරු සිසු දෙපක්ෂයම ඉතා සමගියෙන් ක්‍රියා කිරීම.
5. වැරදි කළ පුද්ගලයෙකු සුමගට යොමු වූ විට ඔහුට කිසිවිටෙකත් උපහාස නොකට ගරු සැලකිලි දැක්වීම.
6. වැරදි කරුවෙකු වැරදි අත්හැරි විට ඔහු වැරදිකරුවෙකු නොවන බව සිතීම.
7. වැරදි කරන පුද්ගලයෙකු එම වැරදි වලින් මුදවා ගැනීමට උත්සාහ කිරීම.
අගෝස්තු 20, 2023 at 1:14 ප.ව.
කථික කතා විදියට
කැමතියිකැමතියි
ජූලි 24, 2019 at 2:35 ප.ව.
ගොඩක් හොඳ ලිපියක් ..වැදගත් කරුණු ගොනුවක් ..
කැමතියිකැමතියි
ජනවාරි 31, 2019 at 4:59 ප.ව.
9 wasare anith padam denne nethda…
කැමතියිLiked by 1 person
පෙබරවාරි 1, 2019 at 12:34 පෙ.ව.
anith padam tikath aniwarenma danawa. tharamk pramada wewi. karyabahulai.
කැමතියිකැමතියි
පෙබරවාරි 15, 2019 at 11:50 පෙ.ව.
කාර්ය බහුලත්වය නිසා පාඩම් පළකරන්න තරමක් ප්‍රමාද වෙනවා. එක් පාඩමකට කෙටි සටහන් සකසන්න ලොකු කාලයක් වැය වෙනවා. ඒ හේතුව නිසා සතියකට එක පාඩමක් බැගින් වගේ තමයි පලකරන්න වෙන්නේ. සමාවෙන්න ඒ පිළිබඳව.
කැමතියිකැමතියි
ජනවාරි 9, 2019 at 7:31 පෙ.ව.
පුළුවන් නම් ශ්‍රේණිවල කෙටි සටහන් ටික pdf එවන්නකෝ
කැමතියිLiked by 1 person