සෙවීම

දහම් පාසැල

දහම් අධ්‍යාපනය අගයනු වස්…..

මාසය

මැයි 2016

දහම්පාසැල පිළිබඳව හැඳින්වීම

“දහම් පාසැල” බ්ලොග් අඩවිය තුලින් ප්‍රධාන වශයෙන් දහම් පාසල් ගුරු භවතුන් වෙනුවෙන්ම සැකසුණු “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” ඉදිරිපත් කරණු ලැබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර කිරීමක් “කෙටි සටහන් භාවිතයේදී සැලකිය යුතු කරුණු” මැයෙන් ඉදිරිපත් කොට ඇති ලිපියේ අන්තර්ගත වේ.

ඊට අමතරව “අතුරු ලිපි” පිටුව හරහා පෙළ පොතට අදාල පාඩම් ඉගැන්වීමේදී ඵලදායීතාව ඉහලනැංවීම සඳහා,  විෂය නිර්දේශයට පරිබාහිර නමුත් වක්‍රාකාරව පාඩමට අදාල වන ලිපි ඉදිරිපත් කිරීම සිදු වේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර කිරීමක් “අතුරු ලිපි පිටුව හඳුන්වා දීම” මැයෙන් ඉදිරිපත් කොට ඇති ලිපියේ අන්තර්ගත වේ.

මීට අමතරව බුද්ධ ධර්මය, දහම් අධ්‍යාපනය පිලිබඳව හෝ ඒ ආශ්‍රිතව සැකසුණු වෙනත් නිර්මාණාත්මක ලිපි ආදිය බ්ලොග් අඩවියේ පල කිරීම සඳහාද “අතුරු ලිපි” පිටුව බාවිතා කළ හැක. විශය ක්ෂේස්ත්‍රයට අදාල ඕනෑම මාතෘකාවක් යටතේ සිංහල භාෂාවෙන් ලිපි සකසා අප වෙත එවන මෙන් ඔබ සැමට විවෘතව ආරාධනා කර සිටිමු.

තවද දහම් පාසල හා දහම් අධ්‍යාපනය හා සබැඳි විවිධ දෑ ලබාගැනීම සඳහා “බාගතකිරීම්” පිටුව වෙන් කොට ඇත. මේ තුලින් ඉදිරියේදී,
1. දහම් පාසල් ශ්‍රේණි විභාග සහ වාර විභාග ආදියට අදාල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
2. දහම් පාසල් අවසාන විභාගයට සහ ධර්මාචාර්‍ය විභාගයට අදාල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
3. දහම් පාසල් ගුරු විභාගයට අදාල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
4. දහම්පාසල් අවසාන විභාගය, ධර්මාචාර්‍ය විභාගය, ගුරු විභාගය ආදියට අදාල ඉල්ලුම්පත්‍ර සහ ඊට අදාල උපදෙස්
4. නව නිර්දේශයට අදාල පෙළ පොත් වල PDF පිටපත්
5. ශිෂ්‍ය නායක තෝරා පත් කරගැනීම් සඳහා වන ආදර්ශ ඉල්ලුම්පත්‍ර
6. ගුරු මාර්ගෝපදේශන ග්‍රන්ථයන්හි පිටපත්
ඇතුලු තවත් දහම් අධ්‍යාපනයට අදාල දහසකුත් දෑ පළ කිරීමට අපේක්ෂා කර සිටිමු.

තවද දහම්පාසැල බ්ලොග් අඩවිය වෙනුවෙන් ලිපි සම්පාදනය කිරීම, ලිපි සංස්කරණය කිරීම වැනි කර්තව්‍ය‍යන්ගෙන් ඔබගේ දායකත්වය අප වෙත ලබා දීමට කැමති නම්, “සම්බන්ධ වීමට” යන නමින් ඇති පිටුව හරහා අප හා සම්බන්ධ වන්න.

තෙරුවන් සරණයි!

Featured post

කෙටි සටහන් භාවිතයේදී සැලකිය යුතු කරුණු

6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා දහම් පාසල් පෙළ පොත් වල එන භාවනා පාඩම් හැර පාලි අභිධර්මය ඇතුලු අනෙකුත් සියලුම පාඩම් ආවරණය වන පරිදි “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” සකසා ඇත. Continue reading “කෙටි සටහන් භාවිතයේදී සැලකිය යුතු කරුණු”

Featured post

10 ශ්‍රේණිය, 13 පාඩම, ධර්ම කථීකත්වයෙන් අගතැන් ලත් ධම්මධින්නා රහත් තෙරණිය

10-13-1

10 ශ්‍රේණිය, 11 පාඩම, ප්‍රත්‍යලාභීන් අතර අගතැන්පත් සීවලී රහතන් වහන්සේ

11.jpg

10 ශ්‍රේණිය, 10 පාඩම, බුදුරජාණන් වහන්සේ පිළිබඳ නූතන ඇගයීම්

10-10-1

සටහන:-
මෙම ප්‍රකාශ අතරින් මතක තබාගැනීමට පහසු ප්‍රකාශ 5 ක් පමණක් දරුවාගේ මනාපය අනුව තෝරා සටහන් පොතට ඇතුලත් කරන්න. Continue reading “10 ශ්‍රේණිය, 10 පාඩම, බුදුරජාණන් වහන්සේ පිළිබඳ නූතන ඇගයීම්”

10 ශ්‍රේණිය, 9 පාඩම, බුදුරජාණන් වහන්සේ පිළිබඳ සමකාලීන ඇගයීම්

10-09-1.jpg

10 ශ්‍රේණිය, 8 පාඩම, බුද්ධ චරිතයෙන් පිළිබිඹු වන නායකත්ව ලක්ෂණ

10-08-1.PNG

  • බුදුරදුන් තුල පැවති රහසින්වත් පවු නොකිරීම, මහා කරුණාව, මෛත්‍රිය, අධිෂ්ඨානය, වීර්යය, නිරහංකාරත්වය, අයුක්තියට නොසැලීම, යුක්තියට ගරු කිරීම ආදී විශිෂඨ චරිත ලක්ෂණ නිසා හෙතෙම නායකයෙකු ලෙස පිළිගැනීමට ලක්විය.

Continue reading “10 ශ්‍රේණිය, 8 පාඩම, බුද්ධ චරිතයෙන් පිළිබිඹු වන නායකත්ව ලක්ෂණ”

10 ශ්‍රේණිය, 7 පාඩම, බුද්ධ චරිතයෙන් ගත හැකි ආදර්ශ

10-07-1.PNG

  • ශිෂ්‍යයෙකුට, ගුරුවරයෙකුට, නායකයෙකුට මෙන්ම අනෙකුත් සියලූ දෙනාටම වැදගත් වන ආදර්ශ බුද්ධ චරිතයෙන් උගත හැකිය.

Continue reading “10 ශ්‍රේණිය, 7 පාඩම, බුද්ධ චරිතයෙන් ගත හැකි ආදර්ශ”

10 ශ්‍රේණිය, 6 පාඩම, බුද්ධ චරිතයෙන් පිළිබිඹු වන මිනිස් ගුණ

10-06-1.jpg

Website Powered by WordPress.com.

ඉහළ ↑