සෙවීම

දහම් පාසැල

දහම් අධ්‍යාපනය අගයනු වස්…..

සිදු වී තිබූ තාක්ෂණික දෝෂයට සමාවන්න!

දහම්පාසැල බ්ලොග් අඩවියේ ස්වයංක්‍රීයව සිදු වී තිබුණු යම්කිසි යාවත්කාලින වීමක් නිසාවෙන් බ්ලොග් අඩවියේ පල කරන ලද ලිපි වලට පිවිසීමේ නොහැකියාවක් පසුගිය කාලය පුරාවට තිබී ඇත. අප විසින් එම තාක්ෂණික දෝෂය නිවැරදි කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.

මින් ඉදිරියට ලිපි වලට පිවිසීමේදී හෝ බ්ලොග් අඩවිය භාවිතා කිරීමේදී යම්කිසි අපහසුතාවයක් නිරීක්ෂණය වේ නම් හැකි ඉක්මනින් මෙම සබැඳිය හරහා අපට ඒ බව දැනුම් දෙන මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Featured post

අතුරු ලිපි පිටුව හඳුන්වා දීම

දහම් පාසැල් පෙළ පොත් වල ඇති ඇතැම් පාඩම් ඉගැන්වීමේදී,
1. ජාතක කතා වල නම්
2. ජාතක කතාවකින් උපුටාගත් කොටස්
3. ගිහි හෝ පැවිදි චරිත වල නම්
4. බුද්ධ චරිතයේ විශේෂ අවස්ථාවක් හෝ සිදුවීමක්
5. බෞද්ධ ඉතිහාසයට අදාල වැදගත් අවස්ථාවක් හෝ සිදුවීමක්
6. සූත්‍ර දේශනාවක නිධාන කතාවේ සාරාංශය
7. සූත්‍ර දේශනාවක එක් කොටසක් හෝ පාඨයක්
ආදිය එම පාඩම් වල ඇතැම් තැන් වල සඳහන් කොට තිබෙනු නිරීක්ෂණය කොට ඇති බව නොඅනුමානය.

Continue reading “අතුරු ලිපි පිටුව හඳුන්වා දීම”

Featured post

දහම්පාසැල පිළිබඳව හැඳින්වීම

“දහම් පාසැල” බ්ලොග් අඩවිය තුලින් ප්‍රධාන වශයෙන් දහම් පාසල් ගුරු භවතුන් වෙනුවෙන්ම සැකසුණු “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” ඉදිරිපත් කරණු ලැබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර කිරීමක් “කෙටි සටහන් භාවිතයේදී සැලකිය යුතු කරුණු” මැයෙන් ඉදිරිපත් කොට ඇති ලිපියේ අන්තර්ගත වේ.

ඊට අමතරව “අතුරු ලිපි” පිටුව හරහා පෙළ පොතට අදාල පාඩම් ඉගැන්වීමේදී ඵලදායීතාව ඉහලනැංවීම සඳහා,  විෂය නිර්දේශයට පරිබාහිර නමුත් වක්‍රාකාරව පාඩමට අදාල වන ලිපි ඉදිරිපත් කිරීම සිදු වේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර කිරීමක් “අතුරු ලිපි පිටුව හඳුන්වා දීම” මැයෙන් ඉදිරිපත් කොට ඇති ලිපියේ අන්තර්ගත වේ.

මීට අමතරව බුද්ධ ධර්මය, දහම් අධ්‍යාපනය පිලිබඳව හෝ ඒ ආශ්‍රිතව සැකසුණු වෙනත් නිර්මාණාත්මක ලිපි ආදිය බ්ලොග් අඩවියේ පල කිරීම සඳහාද “අතුරු ලිපි” පිටුව බාවිතා කළ හැක. විශය ක්ෂේස්ත්‍රයට අදාල ඕනෑම මාතෘකාවක් යටතේ සිංහල භාෂාවෙන් ලිපි සකසා අප වෙත එවන මෙන් ඔබ සැමට විවෘතව ආරාධනා කර සිටිමු.

තවද දහම් පාසල හා දහම් අධ්‍යාපනය හා සබැඳි විවිධ දෑ ලබාගැනීම සඳහා “බාගතකිරීම්” පිටුව වෙන් කොට ඇත. මේ තුලින් ඉදිරියේදී,
1. දහම් පාසල් ශ්‍රේණි විභාග සහ වාර විභාග ආදියට අදාල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
2. දහම් පාසල් අවසාන විභාගයට සහ ධර්මාචාර්‍ය විභාගයට අදාල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
3. දහම් පාසල් ගුරු විභාගයට අදාල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
4. දහම්පාසල් අවසාන විභාගය, ධර්මාචාර්‍ය විභාගය, ගුරු විභාගය ආදියට අදාල ඉල්ලුම්පත්‍ර සහ ඊට අදාල උපදෙස්
4. නව නිර්දේශයට අදාල පෙළ පොත් වල PDF පිටපත්
5. ශිෂ්‍ය නායක තෝරා පත් කරගැනීම් සඳහා වන ආදර්ශ ඉල්ලුම්පත්‍ර
6. ගුරු මාර්ගෝපදේශන ග්‍රන්ථයන්හි පිටපත්
ඇතුලු තවත් දහම් අධ්‍යාපනයට අදාල දහසකුත් දෑ පළ කිරීමට අපේක්ෂා කර සිටිමු.

තවද දහම්පාසැල බ්ලොග් අඩවිය වෙනුවෙන් ලිපි සම්පාදනය කිරීම, ලිපි සංස්කරණය කිරීම වැනි කර්තව්‍ය‍යන්ගෙන් ඔබගේ දායකත්වය අප වෙත ලබා දීමට කැමති නම්, “සම්බන්ධ වීමට” යන නමින් ඇති පිටුව හරහා අප හා සම්බන්ධ වන්න.

තෙරුවන් සරණයි!

Featured post

කෙටි සටහන් භාවිතයේදී සැලකිය යුතු කරුණු

6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා දහම් පාසල් පෙළ පොත් වල එන භාවනා පාඩම් හැර පාලි අභිධර්මය ඇතුලු අනෙකුත් සියලුම පාඩම් ආවරණය වන පරිදි “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” සකසා ඇත. Continue reading “කෙටි සටහන් භාවිතයේදී සැලකිය යුතු කරුණු”

Featured post

9 ශ්‍රේණිය, 9 පාඩම, අටලෝ දහමට මුහුණ දෙමු

  • අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අටලෝ දහම පිළිබදව දැක්වෙන ගාථාවට අනුව ලෝක ධර්මතාවයෝ අටකි. ඒවානම්,
    1. ලාභ
    2. අලාභ
    3. යස
    4. අයස
    5. නින්දා
    6. ප්‍රශංසා
    7. සැප
    8. දුක

Continue reading “9 ශ්‍රේණිය, 9 පාඩම, අටලෝ දහමට මුහුණ දෙමු”

9 ශ්‍රේණිය, 8 පාඩම, නිරෝගී දිවියකට සුවදායී නින්දක්

  • බුදුරජාණන් වහන්සේ නිරෝගීකම පිළිබඳව මෙසේ දේශනා කොට ඇත.
    “ආරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨිං පරමං ධනං
    විශ්වාසා පරමා ඥාතී – නිබ්බාණං පරමං ධනං”

Continue reading “9 ශ්‍රේණිය, 8 පාඩම, නිරෝගී දිවියකට සුවදායී නින්දක්”

9 ශ්‍රේණිය, 7 පාඩම, දුක්ඛ නිරෝධය ආර්‍ය සත්‍ය‍ය

9-7-1

  • ඇසළ පුන් පොහෝ දා බරණැස් නුවර ඉසිපතනාරාමයේ මිගදායේදී පස්වග මහණුන්ට දේශනා කළ ධම්මචක්කපවත්තන සූත්‍රය බුදුරදුන්ගේ ප්‍රථම ධර්ම දේශනාවයි.
    සටහන:-
    පස්වග මහණුන්,
    1. කොණ්ඩඤ්ඤ
    2. වප්ප
    3. භද්ධිය
    4. මහානාම
    5. අස්සජී යන හිමිවරුන්.

Continue reading “9 ශ්‍රේණිය, 7 පාඩම, දුක්ඛ නිරෝධය ආර්‍ය සත්‍ය‍ය”

9 ශ්‍රේණිය, 6 පාඩම, රථන සූත්‍රය

9-6-1

  • ඛුද්දක පාඨය හා සුත්ත නිපාතය යන ග්‍රන්ථ දෙකෙහිම ඇතුලත් වන රථන සූත්‍රය ආරක්ෂක පිරිතක් ලෙස භාවිතා කෙරෙයි.

Continue reading “9 ශ්‍රේණිය, 6 පාඩම, රථන සූත්‍රය”

9 ශ්‍රේණිය, 5 පාඩම, බුදුකුරු දම් හුරුකර ගනිමු

9-4-1

  • බුදුරදුන් බුද්ධත්වයට පත් වීමට ප්‍රථම බෝසත් අවදියේදී පිරූ දස පාරමිතාවන්, බුදුකුරු දම් හෙවත් බුද්ධකාරක ධර්ම නමින් හැඳින් වේ.

Continue reading “9 ශ්‍රේණිය, 5 පාඩම, බුදුකුරු දම් හුරුකර ගනිමු”

9 ශ්‍රේණිය, 4 පාඩම, මව්පිය දූ දරු යුතුකම්

8-17-1

9 ශ්‍රේණිය, 3 පාඩම, අංගුලිමාල මහරහතන් වහන්සේ

9-3-1

9 ශ්‍රේණිය, 2 පාඩම, බුදු සිරිතේ අවසන් විසිපස් වසර

4940579837_fc28b67664

9 ශ්‍රේණිය, 1 පාඩම, තෙරුවන් හැඳින ගනිමු

9-1-1

දහම් පාසැල් ගීතය

දහම් පාසැල් ගීතය මෙතැනින් බාගත කරගන්න. mp3 (2 MB)

දහම් පාසැල් ගීතයේ පද මාලාව

    සම්බුදු හිමිගේ – සදහම් සිහිලෙන්
    සැනැහෙන අප සිරිලක් දරුවෝ //
    දහම් පාසලේ සෙවණෙහි වැඩෙමින්
    උදාර ගුණ දම් සිත දැරුවෝ //

Continue reading “දහම් පාසැල් ගීතය”

8 ශ්‍රේණිය, 40 පාඩම, අභිධර්මය IV – ශෝබන රාශිය

10-a1-1

    ශෝබන චෛතසික (25)

  • ශෝබන සිත් වල පමණක් යෙදෙන චෛතසික ශෝබන චෛතසික නම් වේ.

Continue reading “8 ශ්‍රේණිය, 40 පාඩම, අභිධර්මය IV – ශෝබන රාශිය”

8 ශ්‍රේණිය, 39 පාඩම, අභිධර්මය III – අකුශල රාශිය

10-a1-1

    සටහන :-
    පාඩමේ ඇතැම් තැනක සටහන :- වශයෙන් දක්වා ඇති චෛතසික වල වැඩිදුර විස්තර දරුවාගේ සටහන් පොතට ඇතුලත් කළ යුතු නැත. පාඩම විස්තර කර දීමේදී එම අමතර විස්තර ද සුදුසු පරිදි උපයෝගී කර ගත හැක.

Continue reading “8 ශ්‍රේණිය, 39 පාඩම, අභිධර්මය III – අකුශල රාශිය”

8 ශ්‍රේණිය, 38 පාඩම, පාලි VI – ආරක්ෂක ගාථා

8-11-1

  • ආරක්ෂක ගාථාව පහත දැක් වේ.

    “සබ්බේ බුද්ධා බලප්පත්තා – පච්චේකානඤ්ච යං බලං
    අරහන්තානඤ්ච තේජේන – රක්ඛං බන්ධාමි සබ්බසෝ“

Continue reading “8 ශ්‍රේණිය, 38 පාඩම, පාලි VI – ආරක්ෂක ගාථා”

8 ශ්‍රේණියි, 37 පාඩම, පාලි V – ප්‍රාර්ථනා ගාථා

8-11-1

8 ශ්‍රේණිය, 36 පාඩම, සමුපකාරය හා ආගන්තුක සත්කාරය

8-36-1

  • සමූහයක් සිටින තැනකදී තිබෙන කටයුතු අන්‍යොන්‍ය වශෙන් බෙදා හදාගෙන සිදු කිරීම සමුපකාරය යි.

Continue reading “8 ශ්‍රේණිය, 36 පාඩම, සමුපකාරය හා ආගන්තුක සත්කාරය”

8 ශ්‍රේණිය, 35 පාඩම, පිරිහීමේ දොරටු වසාලමු

8-35-1

8 ශ්‍රේණිය, 34 පාඩම, සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා

8-34-1

  • සිංහල බෞද්ධකම පිරිහෙමින් පැවති වකවානුවක සිංහලයාගේ ජාතික ආගමික හැඟීම් පුබුදුවාලීමට සමත් වූ වීරවයෙකි, ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා.

Continue reading “8 ශ්‍රේණිය, 34 පාඩම, සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා”

8 ශ්‍රේණිය, 33 පාඩම, සුවදායී නින්දක් ගුණදායී ආහාර රටාවක්

8-33-1

32 ශ්‍රේණිය, පාඩම, අනුරපුරයේ අපේ උරුමය

8-32-1

  • අනුරාධපුරය ලංකාවේ අගනුවර ලෙස පැවති අවුරුදු 1500 ක් පමණ වූ කාලසීමාව අනුරාධපුර යුගය ලෙස හඳුන්වනු ලැබේ.

Continue reading “32 ශ්‍රේණිය, පාඩම, අනුරපුරයේ අපේ උරුමය”

8 ශ්‍රේණිය, 31 පාඩම, සීලානුස්සතී භාවනාවේ යෙදෙමු

8-31-1

  • සිත පිරිසිඳු කෙරෙන ක්‍රියාවන් පින්කම් යනුවෙන් හැඳින් වේ.

Continue reading “8 ශ්‍රේණිය, 31 පාඩම, සීලානුස්සතී භාවනාවේ යෙදෙමු”

8 ශ්‍රේණිය, 30 පාඩම, ත්‍රි ශික්ෂාව හැඳින ගනිමු

8-30-1

  • ශික්ෂාව යනු හික්මීම හෙවත් සංවරය යි.

Continue reading “8 ශ්‍රේණිය, 30 පාඩම, ත්‍රි ශික්ෂාව හැඳින ගනිමු”

8 ශ්‍රේණිය, 29 පාඩම, ඇසූ පිරූ තැන් ඇති ඛුජ්ජුත්තරා උවැසිය

8-29-1

8 ශ්‍රේණිය, 28 පාඩම, දස පින් කිරියවත්

8-28-1

  • දානං සීලංච භාවනා – පත්ති පත්තානුමෝදනා
    වෙය්‍යාවච්චාපචායංච – දේසනා සුති දිට්ඨිච්ඡු

Website Powered by WordPress.com.

ඉහළ ↑