10-a1-1

    සටහන :-
    පාඩමේ ඇතැම් තැනක සටහන :- වශයෙන් දක්වා ඇති චෛතසික වල වැඩිදුර විස්තර දරුවාගේ සටහන් පොතට ඇතුලත් කළ යුතු නැත. පාඩම විස්තර කර දීමේදී එම අමතර විස්තර ද සුදුසු පරිදි උපයෝගී කර ගත හැක.

    අකුසල චෛතසික (14)

  • අකුසල සිත් වල පමණක් යෙදෙන චෛතසික අකුසල චෛතසික නම් වේ.
  • අකුසල චෛතසික 14 කි.

8-a39-c1

    අකුසල සාධාරණ චෛතසික (4)

  • සෑම අකුසල සිතකම අඩු නැතිව යෙදෙන චෛතසික අකුසල සාධාරණ චෛතසික නම් වේ.
  • අකුසල සාධාරණ චෛතසික 4 කි.
    ඒවා නම්,

    1. මෝහ
    2. අහිරික – පාපයට ලැජ්ජා නැති ස්වභාවය යි.
    3. අනොත්තප්ප
    4. උද්ධච්ච

    සටහන:-
    මෝහ – අරමුණේ යතා ස්වභාවය අවබෝධ කර ගත නොහැකි වන ලෙස මුලා කරන චෛතසිකය මෝහය යි.
    අනොත්තප්ප – පාපයට බය නැති ස්වභාවය අනොත්තප්පය යි.
    උද්ධච්ච – සිතෙහි නොසන්සුන් ගතිය, විසිරුණු ගතිය උද්ධච්චය යි.

    අකුසල චෛතසික (10)

  • අකුසල සිත් වල සුදුසු පරිදි යෙදෙන චෛතසික අකුසල චෛතසික නම් වේ.
  • අකුසල චෛතසික 10 කි.
    ඒවා නම්,

    1. ලෝභ – අරමුනෙහි ඇලෙන ස්වභාවය ඇති චෛතසිකය ලෝභය යි.
    2. දෝස
    3. දිට්ඨි
    4. මාන – තමා හා අනුන් සංසන්දනය කිරීම මානය යි.
    5. ඉස්සා
    6. මච්ඡරිය
    7. ථින
    8. මිද්ධ
    9. කුක්කුච්ච
    10. විචිකිච්ඡා

    සටහන:-
    දෝස – තරහව හෙව්ත් ද්වේශය ඇති කරන චෛතසිකය දෝසය යි.
    දිට්ඨි – වැරදි දැකීම හෙවත් මිත්‍යා දෘෂ්ඨිය යි.
    ඉස්සා – ඊර්ෂ්‍යාව.
    මච්ඡරිය – මසුරුකම.
    ථින – චිත්තයන්ගේ කම්මැලි උදාසීන ගතිය යි.
    මිද්ධ – චෛතසිකයන්ගේ කම්මැලි උදාසීන ගතිය යි.
    කුක්කුච්ච – කළ අකුසල හා නොකළ කුසල ගැන පසුතැවීම.
    විචිකිච්ඡා – බුද්ධාදී අටතැන් පිළිබඳ සැකය.

  • මෙතෙක් උගත් අන්‍යසමාන රාශියට හා අකුසල රාශියට අයත් චෛතසික සිතක යෙදෙන අයුරු හැඳිනගමු.
  • සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික සිතෙහි (පළමු ලෝභ සිතෙහි) චෛතසික යෙදෙන අයුරු පහත දැක්වේ.
    i. සබ්බ චිත්ත සාධාරණ චෛතසික – 7
    ii. ප්‍රකීර්ණක චෛතසික – 6
    iii. අකුසල සාධාරණ චෛතසික – 4
    iv. ලෝභ චෛතසික – 1
    v. දිට්ඨි චෛතසික – 1
    සියල්ල 19
  • අහේතුක සිත් 18 ට අයත් දෙපස් විඤ්ඤාණ සිත් දහයේ යෙදෙනුයේ සබ්බ චිත්ත සාධාරණ චෛතසික 7 පමණි.

    සටහන:-
    අහේතුක සිත් පිළිබඳ වැඩිදුර විස්තරයක් සඳහා 7 ශ්‍රේණිය අභිධර්මය 2 පාඩම වන “කාමාවචර සිත්“ සහ ඊට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් බලන්න.

  • දෙපස් විඤ්ඤාණ 10 පහත දක්වා ඇත.

    අහේතුක අකුසල විපාක සිත් 5

    1. අකුසල විපාක උපෙක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය.
    2. අකුසල විපාක උපෙක්ඛා සහගත සෝත විඤ්ඤාණය.
    3. අකුසල විපාක උපෙක්ඛා සහගතඝාන විඤ්ඤාණය.
    4. අකුසල විපාක උපෙක්ඛා සහගත ජිව්හා විඤ්ඤානය.
    5. අකුසල විපාක දුක්ඛ සහගත කාය විඤ්ඤාණය.

    අහේතුක කුසල විපාක සිත් 5

    1. කුසල විපාක උපේක්ඛා සහගත චක්ඛු විඤ්ඤාණය.
    2. කුසල විපාක උපේක්ඛා සහගත සෝත විඤ්ඤාණය.
    3. කුසල විපාක උපේක්ඛා සහගත ඝාන විඤ්ඤාණය.
    4. කුසල විපාක උපේක්ඛා සහගත ජිව්හා විඤ්ඤාණය.
    5. කුසල විපාක සුඛ සහගත කාය විඤ්ඤාණය.

    අභ්‍යාස:-
    1. පෙළ පොතේ ක්‍රියාකාරකම් සියල්ල කරවන්න.

    ශ්‍රේණි විභාගය 2016
    1. අකුසල සාධාරණ චෛතසික හතර නම්කර ඒවාට ඒ නම යොදා ඇති හේතුව ද පහදන්න. (ල.5)