8-11-1

  • ප්‍රාර්ථනා ගාථා පහත දැක් වේ.

    ඉමිනා පුඤ්ඤකම්මේන – මා මේ බාල සමාගමෝ
    සතං සමාගමෝ හෝතු – යාව නිබ්බාන පත්තියා

    ඉදං මේ පුඤ්ඤං – ආසවක්ඛයාවහං හෝතු
    සබ්බදුක්ඛා පමුච්චතු

  • ප්‍රාර්ථනා ගාථාවේ එන පාලි පද වල සිංහල තේරුම මෙසේය.

    ඉමිනා – මේ
    පුඤ්ඤකම්මේන – පින් කමින්
    මා – එපා (නොවේවා)
    මේ – මට
    බාල සමාගමෝ – බාල ඇසුරක් (අසත්පුරුෂ ඇසුරක්)
    සතං සමාගමෝ – සත්පුරුෂ ඇසුරක්
    හෝතු – වේවා
    යාව නිබ්බාන පත්තියා – නිවනට පැමිණෙන තෙක් / තුරු

    ඉදං – මේ
    පුඤ්ඤං – පින
    ආසවක්ඛය – නිවන
    ආවහං – කැඳවීම , ළඟාකරවීම
    සබ්බ දුක්ඛා – සියලු දුකින්
    පමුච්චතු – මිදේවා

  • ප්‍රාර්ථනා ගාථාවල සිංහල තේරුම මෙසේය.

    “මේ පින්කමෙන් මට, නිවනට පත්වන තුරු අසත්පුරුෂ ඇසුරක් නොවේවා. සත්පුරුෂ ඇසුරක් වේවා.”

    “මේ පින්කම මට නිවන් ලබාදෙන්නක් වේවා. සියලු දුකින් මිදේවා.”

  • සිංහල තේරුම මතු වන පරිදි ප්‍රාර්ථනා ගාථා සැකසූ විට පද පිළිවෙල මෙසේය.

    ඉමිනා පුඤ්ඤකම්මේන යාව නිබ්බාන පත්තියා මේ බාල සමාගමෝ මා හෝතු සතං සමාගමෝ හෝතු.

    ඉදං පුඤ්ඤං මේ ආසවක්ඛය ආවහං හෝතු සබ්බදුක්ඛා පමුච්චතු.
  • ප්‍රාර්ථනා ගාථා ඇසුරින් සරළ පාලි වාක්‍ය ගොඩනගමු.
    වාක්‍ය රටා 1

    1. මේ ඉමිනා පුඤ්ඤ කම්මේන මා බාල සමාගමෝ.
    මට මේ පින් කමින් බාල ඇසුරක් නොවේවා.

    2. මේ ඉමිනා පුඤ්ඤ කම්මේන මා අසප්පුරිස සමාගමෝ.
    මට මේ පින් කමින් අසත්පුරුෂ ඇසුරක් නොවේවා.

    3. මේ ඉමිනා පුඤ්ඤ කම්මේන මා පාප සමාගමෝ.
    මට මේ පින් කමින් පාපී පුද්ගල ඇසුරක් නොවේවා.

    4. අම්හාකං ඉමිනා පුඤ්ඤ කම්මේන මා අධම්ම සමාගමෝ.
    අපට මේ පින් කමින් අයහපත් ඇසුරක් නොවේවා.

    5. අම්හාකං ඉමිනා පුඤ්ඤ කම්මේන මා අසාධු සමාගමෝ.
    අපට මේ පින් කමින් අයහපතෙහි හැසිරෙන පුද්ගල ඇසුරක් නොවේවා.

    6. අම්හාකං ඉමිනා පුඤ්ඤ කම්මේන මා විසම සමාගමෝ.
    අපට මේ පින් කමින් දුශ්චරිතවත් පුද්ගල ඇසුරක් නොවේවා.

    වාක්‍ය රටා 2

    1. මේ සතං සමාගමෝ හෝතු.
    මට සත්පුරුෂ ඇසුරක් වේවා.

    2. මේ සත්ථු සමාගමෝ හෝතු.
    මට ශාස්තෘන් වහන්සේගේ ඇසුරක් වේවා.

    3. මේ කල්‍යාණං සමාගමෝ හෝතු.
    මට යහපත් පුද්ගල ඇසුරක් වේවා.

    4. අම්හාකං සප්පුරිස සමාගමෝ හෝතු.
    අපට සත්පුරුෂ ඇසුරක් වේවා.

    5. අම්හාකං සාධු සමාගමෝ හෝතු.
    අපට යහපතෙහි හැසිරෙන පුද්ගල ඇසුරක් වේවා.

    6. අම්හාකං ධම්ම සමාගමෝ හෝතු.
    අපට යහපත් ඇසුරක් වේවා.

    වාක්‍ය රටා 3

    1. මේ ආසවක්ඛයං හෝතු.
    මට නිවන වේවා. (ලැබේවා)

    2. මේ නිබ්බානං හෝතු.
    මට නිවන වේවා. (ලැබේවා)

    3. අම්හාකං චිත්තං සමාධියතු.
    අපගේ සිත් සමාධිගත වේවා.

    4. අම්හාකං සබ්බදුක්ඛං විනස්සතු.
    අපගේ සියලු දුක් නැසේවා.

    5. අම්හාකං සබ්බ භයො විනස්සතු.
    අපගේ සියලු බිය නැසේවා.

    6. අම්හාකං සබ්බ රෝගෝ වින්සාසතු.
    අපගේ සියලු රෝග නැසේවා.

    අභ්‍යස:-
    1. පෙළ පොතේ ක්‍රියාකාරකම් අංක 2, 3 කරවන්න.

    ක්‍රියාකාරකම් අංක 4 සඳහා පිළිතුරු.

    1. ඉමිනා පුඤ්ඤකම්මේන මා මේ අසප්පුරිස සමාගමෝ.
    2. සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා.
    3. මෙත්තභාවනා අම්හාකං චිත්තං සමධියතු.
    4. ඉදං අම්හාකං පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු.
    5. අම්හාකං කළ්‍යාණ මිත්ත සමාගමෝ හෝතු. (……) අම්හාකං සබ්බ භයෝ විනස්සතු.