10-a1-1

    ශෝබන චෛතසික (25)
  • ශෝබන සිත් වල පමණක් යෙදෙන චෛතසික ශෝබන චෛතසික නම් වේ.

  • ශෝබන චෛතසික 25 කි.

8-40-c1

    ශෝබන සාධාරණ චෛතසික (19)
  • සෑම ශෝබන සිතකම අඩු නැතිව යෙදෙන චෛතසික ශෝබන සාධාරණ චෛතසික නම් වේ.
  • ශෝබන සාධාරණ චෛතසික 19 කි.
    ඒවා නම්,

    1. සද්ධා – තෙරුවන් සතු ගුණ පිළිගන්නේ සද්ධා චෛතසිකය යි.
    2. සති – සති යනු සිහිය යි. නිවැරදි සිහියෙහි සිත සිත පිහිටවනු ලබන්නේ සති චෛතසිකය යි.
    3. හිරි
    4. ඔත්තප්ප
    5. අලෝභ
    6. අදෝස – අදෝස යනු මෛත්‍රිය යි. දෙවේශයෙහි විරුද්ධ ස්වභාවය යි.
    7. තත්‍රමජ්ඣත්තතා
    8. කාය පස්සද්ධි
    9. චිත්ත පස්සද්ධි
    10. කාය ලහුතා
    11. චිත්ත ලහුතා
    12. කාය මුදුතා
    13. චිත්ත මුදුතා
    14. කාය කම්මඤ්ඤතා
    15. චිත්ත කම්මඤ්ඤතා
    16. කාය පාගුඤ්ඤතා
    17. චිත්ත පාගුඤ්ඤතා
    18. කාය උජ්ජුකතා
    19. චිත්ත උජ්ජුකතා

    සටහන:-

    පාලි සිංහල
    තත්‍ර මජ්ඣත්තතා

    පස්සද්ධි

    ලහුතා

    මුදුතා

    කම්මඤ්ඤතා

    පාගුඤ්ඤතා

    උජ්ජුකතා

    කාය පස්සද්ධි

    චිත්ත පස්සද්ධි

    මැදහත් බව

    සංසිඳීම

    සැහැල්ලු බව

    මොලොක් බව

    කටයුත්තට සුදුසු බව

    ප්‍රගුණ බව

    ඇද නැති බව

    චෛතසික වල සංසිඳීම

    සිතෙහි සංසිඳීම

    ශෝබන සාධාරණ චෛතසික පිළිබඳව වැඩිදුර විස්තරයක් සඳහා 10 ශ්‍රේණිය (පැරණි නිර්දේශය) අභිධර්මය 3 වන පාඩම වන “සිතේ ගති III “සහ ඊට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් බලන්න.
    ශෝබන චෛතසික (6)
  • ශෝබන සිත් වල සුදුසු පරිදි යෙදෙන චෛතසික ශෝබන චෛතසික නම් වේ.
  • ශෝබන චෛතසික 6 කි.

8-40-c2

    සම්මා වාචා – බොරු කීමෙන්, කේලාම් කීමෙන්, හිස් වචන කීමෙන්, පරුෂ වචන කීමෙන් යන වචනයෙන් සිදුවන වැරදි හතරෙන් වැළකීම සම්මා වාචා නම් වේ.

    සම්මා කම්මන්ත – සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන් යන කයෙන් සිදුවන වැරදි තුනෙන් වැළකීම සම්මා කම්මන්ත නම් වේ.

    සම්මා ආජීව – අවිආයුධ, වසවිස, මත්ද්‍රව්‍ය, මස් පිණිස සතුන්, වහල් වෙළඳාම යන 5 න් වැළකී ගොවිතැන වැනි යපපත් ජීවන වෘත්තියක නියැලීම සම්මා ආජීව නම් වේ.

    කරුණා – අනුන් දුකින් මුදවා ගැනීමට කැමති ගතිය කරුණා නම් වේ.

    මුදිතා – අනුන්ගේ සැප සම්පත් දැක සතුටුවන ස්වභාවය මුදිතා නම් වේ.

    පඤ්ඤා – ඇත්ත ඇති සැටියෙන් දකින ස්වභාවය පඤ්ඤා නම් වේ.

  • චෛතසික යනු සිතෙහි හටගන්නා සිතුවිලි බව අභිධර්මය පළමුවෙනි පාඩමේදී අපි උගත්තෙමු. විවිධ වූ සිත් වලට අදාලව විවිධ චෛතසික හටගනී.
  • කාමාවචර කුසල විපාක සිතක් වන, සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංඛාරික විපාක සිතෙහි චෛතසික යෙදෙන ආකාරය පහත දැක්වේ.
    1. සබ්බ චිත්ත සාධාරණ චෛතසික – 7
    2. ප්‍රකීර්ණක චෛතසික – 6
    3. ශෝබන සාධාරණ චෛතසික – 19
    4. ප්‍රඤා චෛතසික – 1
    එකතුව – 33
  • ලෝකෝත්තර සිතක් වන සෝතාපත්ති මාර්ග සිතෙහි චෛතසික යෙදෙන ආකාරය පහත දැක්වේ.
    1. සබ්බ චිත්ත සාධාරණ චෛතසික – 7
    2. ප්‍රකීර්ණක චෛතසික – 6
    3. ශෝබන සාධාරණ චෛතසික – 19
    4. විරති චෛතසික – 3
    5. ප්‍රඤා චෛතසික – 1
    එකතුව – 36
  • අනෙකුත් ලෝකෝත්තර සිත් හතෙහිද මෙම චෛතසික 36 ම යෙදෙයි.
    අභ්‍යාස:-
    1. පෙළ පොතේ ක්‍රියාකාරකම් සියල්ල කරවන්න.

    ශ්‍රේණි විභාගය 2016
    1. කුසල චෛතසික 10 නම් කරන්න. (ල. 5)
    2. විරති චෛතසික තුන නම් කර කෙටියෙන් හඳුන්වා දෙන්න. (ල. 5)