- දෙමාපියන්, මුල්ම ආචාර්යවරුන් යන අර්ථයෙන් “පුබ්බාචරිය” යන නමින්ද, සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්තවූ බැවින් “බ්‍රහ්ම” යන නමින් ද හැඳින්වේ.
සටහන:-
සතර බ්‍රහ්ම විහරණ පිළිබඳ වැඩිදුර විස්තරයක් සඳහා 10 ශ්‍රේණිය (පැරණි නිර්දේශය) 25 පාඩම වන “සිව් සත සනසන සිව් බඹ විහරණ“ සහ ඊට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් බලන්න.
- බුදුරදුන් විසින් සිඟාලෝවාද සූත්‍රයේදී ලෝකයට ජීව ගුණය දෙන සූර්යයා උදා වෙන නැගෙනහිර දිශාවට දෙමාපියන් උපමා කොට දැක්වූයේ දෙමාපියන්ද දරුවන්ට ජීව ගුණය ලබාදෙන දෙන බැවිනි.
සටහන:-
සිඟාලෝවාද සූත්‍රය තුල, සිගාල නම් ගෘහපතියෙකුට (තරුණයෙකුට) බුදුරදුන් විසින්, සදිසාව කුමක්දැයි පහදා දී මව්පියන්, අඹුදරුවන්, ගුරුවරුන්, හිත මිතුරන්, පැවදි උතුමන් හා සේවකයන් යන පිරිස් වෙත සැලකිය යුත්තේ කෙසේද යන්න පහදා දීමට අදාල කරුණු අන්තර්ගතවේ. තවද, නරක මිතුරන් හා හොද මිතුරන් කවුරුන් දැයි පහදා දෙයි. ධනය වියදම් කල යුතු ආකාරයද පෙන්වා දෙයි. කෙටියෙන් කියතොත් බෞද්ධ ආචාර ධර්ම අන්තර්ගත සූත්‍ර දේශනාවකි සිඟාලෝවාද සූත්‍රය. - සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දෙමාපියන් විසින් දූ දරුවන්ට ඉටුකළ යුතු යුතුකම් 5 කි. ඒවානම්,
1. දරුවන් පාප ක්‍රියාවලින වලින් මුදවා ගැනීම
2. දරුවන් යහපත් ක්‍රියාවල යෙදවීම
3. දරුවන්ට හොඳින් ඉගැන්වීම
4. සුදුසු කාලයේ දී ආවාහ විවාහ කර දීම
5. සුදුසු කල දායාද පවරා දීම
- දෙමාපියන් විසින් දරුවන්ට හොඳ නරක පෙන්වා දී, යහපත් ක්‍රියාවන්ගේ යහපත් ප්‍රතිඵල වටහා දී, කල්‍යාණ මිත්‍ර ඇසුරට යොමු කොට, සමාජයෙන් එල්ල විය හැකි නින්දා අපහාසයන්ගෙන් දරුවන් ගලවා ගැනීමට කටයුතු කරයි.
- දෙමාපියන් තම දරුවන්ව අධ්‍යාපන කටයුතුවල යොදවා, දහම් පාසල් යවා, පාඨමාලාවන් සඳහා යොමුකොට සිය දරුවා උගත් ගුණවත් පුරවැසියෙක් බවට පත් කිරීමට කටයුතු කරයි.
- තවද සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි දරුවන් විසින් දෙමවුපියන්ට ඉටුකළ යුතු යුතුකම් 5 කි. ඒවා නම්,
1. මවුපියන් පෝෂණය කිරීම
2. මව්පියන්ගේ සියලු කටයුතු කරදීම
3. මවුපියන්ගේ සිරිත් විරිත් හා කුල පරපුර රැකගැනීම
4. මවුපියන් දුන් දායාද රැකගැනීම
5. මව්පියන් මියගිය පසු පින් අනුමෝදන් කිරීම - සත්පුරුෂ දූදරුවෝ විවිධාකාරයෙන් තම දෙමාපීයන්ට සලකන අතර හිංසා පීඩාදිය කිරීමෙන් වැළකෙති.
- එපමනක් නොව දෙමාපියන් විසින් සිදුකරගෙන ආ චාරිත්‍ර වාරිත්‍ර ඉදිරියට සිදුකරගෙන යාම, දෙමාපියන් විසින් පැවරූ දේපල අර්ථවත්ව පරිහරණය කිරීම, මියගිය දෙමාපියන්ට පිං අනුමෝදන් කිරීම ආදියත් දරුවන් විසින් දෙමාපියන්ට යුතුකම් ඉටු කළ හැකි තවත් ආකාර වේ.
- මවුපිය දූ දරු යුතුකම් හරියාකාරව ඉටු නොවීම සමාජ පරිහානියට හේතුවන බවට වන උදාහරණ වර්ථමාන සමාජයේ දක්නට ඇත.
- තම දෙමාපියන් සතු අඩුපාඩු මෛත්‍රී සිතින් පෙන්වා දීමද දූ දරුවන්ට කලහැකි තවත් එක් යුතුකමකි.
- අන්‍යෝන්‍ය යුතුකම් හොඳින් හදුනාගෙන මැනවින් ඉටු කිරීම තුලින් දැහැමි ප්‍රඥාවන්ත සමාජයක් ගොඩනැගීමට උරදිම අප සැමගේ යුතුකමක් බැව් සිහි තබාගෙන කටයුතු කරමු.
ඔක්තෝබර් 20, 2022 at 8:45 ප.ව.
හොඳ තොරතුරු තියෙනවා. ස්තුතියි
කැමතියිකැමතියි
ජනවාරි 20, 2020 at 6:07 ප.ව.
7 ශ්‍රේණිය කෙටි සටහන් පල කිරීමට තව කල් ගත වේවිද
කැමතියිකැමතියි
ජනවාරි 23, 2020 at 12:16 පෙ.ව.
ඔවු, තරමක් කල් ගත වේවි. කර්තෘ තුමන් විදේශගත වෙලා ඉන්නෙ.
තව මාස කිහිපයක් වගේ ගත වේවි බ්ලොග් අඩවියේ යාවත්කාලීන කටයුතු යලි ආරම්භ වීමට.
කැමතියිකැමතියි
අගෝස්තු 26, 2019 at 11:18 පෙ.ව.
09 ශ්‍රේණියේ ඉතිරි පාඩම් වල කෙටි සටහන් තව ප්‍රමාද වෙයි ද?
කැමතියිකැමතියි
අගෝස්තු 27, 2019 at 12:51 පෙ.ව.
ඉතිරි කෙටි සටහන් දැන්මම පටන්ගන්න මම අදහස් කරගෙන හිටියෙ නැහැ. නමුත් දිගින් දිගටම ගොඩක් අය ඉල්ලීම් කරන නිසාම මම තව සති කිහිපයකින් නැවතත් කෙටි සටහන් මාලාව නවත්වපු තැන ඉදන් ආපසු පටන් ගන්න තීරණය කරා. බොහොම ස්තූතියි ඔබගේ ප්‍රතිචාරයට. සැප්තැම්බර් මස දෙවනි සතියෙ වගේ ඉදං මම ආපසු ලිපි ලියනවා.
කැමතියිකැමතියි
මාර්තු 11, 2019 at 1:35 ප.ව.
09 ශ්‍රේණියේ ඉතිරි පාඩම් වල කෙටි සටහන් තව ප්‍රමාද වෙයි ද?
කැමතියිLiked by 2 people
අගෝස්තු 27, 2019 at 12:53 පෙ.ව.
ඔබ ඇතුළු සියලු දෙනාගෙම ඉල්ලීම නිසා, සැප්තැම්බර් මස දෙවනි සතියෙ සිට ආපසු කෙටි සටහන් මාලාව ආරම්භ කරනවා. බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.
කැමතියිකැමතියි
පෙබරවාරි 14, 2019 at 1:08 ප.ව.
6 ශ්‍රේණිය හදලා තියෙන කෙටි සටහන් ටික පලකරන්……බොහොම පිං…මමත් දහම් පාසලේ ළමයින්ට සටහනි ටයිප් කරලා බෙදලා දෙනවා…ඹබලාගේ සටහනුත් බෙදා දෙනවා…..මම නැවත වරක් ඹබට ස්තුතිය සහ ගෞරවය පුදකර සිටිනවා..
කැමතියිLiked by 1 person
පෙබරවාරි 15, 2019 at 2:06 ප.ව.
6 ශ්‍රේණිය කෙටි සටහන් තරමක් ප්‍රමාද කරලා, 9 ශ්‍රේණිය කෙටි සටහන් ටික කඩිනමින් ඉවර කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
කැමතියිකැමතියි
පෙබරවාරි 11, 2019 at 5:56 ප.ව.
මෙම උතුම් කාර්යය කරගෙන යෑමට ඔබලාර තව තවත් ශත්තිය ධෛර්ය්ය ලැබේවා….තෙරුවන් සරණයි.
කැමතියිLiked by 1 person
පෙබරවාරි 11, 2019 at 6:38 ප.ව.
ඔබට බොහොම පිං මාගේ උත්සාහය හා මහන්සිය අගයකිරීම පිළිබඳව. එය මට විශාල ශක්තියක්.
කැමතියිකැමතියි
පෙබරවාරි 11, 2019 at 5:54 ප.ව.
6 හා 7 ශ්‍රේණිවල කෙටි සටහන් දැමීමට තව කල් යාවිද?
කැමතියිLiked by 1 person
පෙබරවාරි 11, 2019 at 6:36 ප.ව.
ඔව්. 9 ශ්‍රේණිය කෙටි සටහන් හදලා ඉවර කරලා තමයි 7 ශ්‍රේණිය පටන්ගන්න හිතන් ඉන්නේ. ඊටත් පසුව තමයි 6 ශ්‍රේණිය පටන් ගන්නේ. හැබැයි 6 ශ්‍රේණියේ මුල් පාඩම් වලට කෙටි සටහන් හදලා තියෙන්නේ. ටයිප් කරලා පෝස්ට් කරන්න විතරයි තියෙන්නේ.
කැමතියිකැමතියි
දෙසැම්බර් 25, 2018 at 2:44 පෙ.ව.
ඉතාම පින්සිදු වන මෙම කාර්යය සාර්ථකව නිම කිරීමට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි!
කැමතියිLiked by 1 person
පෙබරවාරි 11, 2019 at 6:42 ප.ව.
ඔබගේ අගයකිරීම ඉතාමත්ම වටිනවා මට. දහසක් වැඩ රාජකාරී මැද මේ වෙනුවෙන් කාලය වෙන් කරන්නේ ඔබ වැනි අයගේ ප්‍රතිචාර නිසාමයි.
කැමතියිකැමතියි