6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා දහම් පාසල් පෙළ පොත් වල එන භාවනා පාඩම් හැර පාලි අභිධර්මය ඇතුලු අනෙකුත් සියලුම පාඩම් ආවරණය වන පරිදි “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” සකසා ඇත. විභාගයේදී විමසිය හැකි වැදගත් කරුණු සාරාංශ වන පරිදි සෑම පාඩමකටම වෙන වෙනම සැකසූ කෙටි සටහන් මෙහි ඇතුලත්ය. පාඩම උගන්වා අවසානයේදී ඉගැන්වූ පාඩමට අදාල කෙටි සටහන දරුවාගේ සටහන් පොතට ඇතුලත් කිරීමට සුදුසු වන පරිදි සකසා ඇත. තවද පාඩම උගන්වන අතරතුර පාඩම තුල හමුවන ඇතැම් සංකීර්ණ දහම් කරුණු සරළව විග්‍රහ කොට කෙටි සටහනට ඇතුලත් කොට ඇත.
ඇතැම් සංකීර්ණ දහම් කරුණු විග්‍රහ කිරීමේදී මූලාශ්‍ර වශයෙන්,
1. වෙනත් ශ්‍රේණියක දහම් පාසල් පෙළ පොතක්
2. එම ශ්‍රේණියේම වෙනත් පාඩමක්
3. ධර්මාචාර්ය විභාගයට අදාල පෙළ පොත්
4. රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ කෘතීන් හෝ
5. බොහෝ විට අන්තර්ජාලය ද
උපයෝගී කරගෙන ඇත.
සෑම පාඩමකම කෙටි සටහන් එකම රටාවකට අනුව සකසා ඇත. තවද කෙටි සටහන් භාවිතයේදී පහත කරුණු කෙරෙහි අවධානය යොමු කළ යුතුය.
- කෙටි සටහන් මාලාවේ ඇතැම් තැනක “සටහන:-” වශයෙන් දක්වා ඇත්තේ,
i. දහම් කරුණක වැඩිදුර පැහැදිලි කිරීමක් හෝ
ii. ගුරුවරුන් වෙනුවෙන් විශේෂ සටහනක් ය. - “සටහන:-” ලෙස දක්වා ඇති වැඩිදුර පැහැදිලි කිරීම් දරුවාගේ සටහන් පොතට ඇතුලු නොකළ යුතු අතර එම කරුණු පාඩම විස්තර කර දීමේදී අවශ්‍යනම් උපකාර කරගත හැක.
- ඇතැම් සටහන් ගුරුවරයාගේ වැඩිදුර අවබෝධය සඳහාම පමණක් වන අතර ඒවා දරුවා සමග සාකච්ඡා කළ යුතු නැත.
- බොහෝ සටහන් වල ඇති වැඩිදුර විස්තර කිරීම් විශය නිර්දේශයට පරිබාහිර වන අතර එම කරුණු විභාගයේදී විමසනු නොලැබේ.
- පාඩමකට අදාල කෙටි සටහනේ ඇතුලත් සියලුම කරුණු සටහන් පොතට ඇතුලත් කළ යුතු නැත. අනවශ්‍ය යැයි සිතෙන කරුණු ඉවත් කොට අමතර කරුණු එක් කොට කෙටි සටහන සංශෝධනය කිරීමට ගුරුවරයාට නිදහස ඇත.
- 10 ශ්‍රේණිය පෙළ පොතේ පාලි කොටසට අදාල 10 වන පාඩමට සහ භාවනා පාඩම් 2 ට කෙටි සටහන් සකසා නැත.
දහම් පාසල් පෙළ පොතක පාඩමකට අදාල කෙටි සටහනක් සැකසීමට පෙර එම පාඩමින් පසුගිය වර්ෂ වල විභාග වලදී විමසන ලද ප්‍රශ්න පිළිබඳව සොයා බලා විරන්තරයෙන් විමසීමට ලක් වන කොටස් කෙරෙහි වැඩි අවධානයක් යොමු වන පරිද්දෙන් සහ මේ වනතුරු විමසා නොතිබුනද ඉදිරියේදී විමසීමට ලක් විය හැකි කොටස් තෝරා බේරා වෙන් කර ගැනීමෙන් කෙටි සටහන් වඩාත් ඵලදායී වන අයුරින් සම්පාදනය කොට ඇත. ඒ සඳහා අවශ්‍ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සොයාගැනීමත්, පාඩමේ සඳහන් ඇතැම් කරුණු වලට වැඩිදුර විග්‍රහ කිරීම් සෙවීමත්, අනවශ්‍ය කරුණු ඉවත් කොට අත්‍යාවශ්‍ය ම කරුණු පමණක් ඇතුලත් කිරීමත්, පාඩමේ සමස්ථ කෙටි සටහන හැකිතාක් කෙටි කිරීමත් ආදිය පිළිබඳව සැලකීමේදී එක් පාඩමකට වූවද කෙටි සටහනක් සැකසීම එතරම්ම පහසු කටයුත්තක් නොවන බව පැහැදිලි වේ.
එම පාඩමේ තරමක් සංකීර්ණ දහම් කරුණු වෙතොත් විෂය පිළිබඳව හසල අවබෝධයක් ඇති ගිහි පැවිදි පිරිස සමග සම්බන්ධ වී දහම් කරුණු වල විස්තර විග්‍රහ සෙවීමට ඇතැම් විට දින ගණනාවක් ගතවූ අවස්ථා පවා තිබේ. එසේ කැටි කොටගත් කරුණු යලිත් වරක් හෝ දෙවරක් කියවා බලා සංස්කරණය කිරීමෙන් අනතුරුව අවසාන කෙටි සටහන සකසනු ලැබේ.
එවැනි එක් පාඩමකට අදාලව කෙටි සටහනක් සැකසීම පවා සැබවින්ම පහසු කටයුත්තක් නොවේ. 10 ශ්‍රේණිය සඳහා පමණක් එවැනි පාඩම් 70 කට ආසන්න සංඛ්‍යාවකට කෙටි සටහන් සැකසිය යුතු වන අතර එය ඉතා අපහසු මෙන්ම සැබැවින්ම වෙහෙසකර කටයුත්තකි. එයට වඩාත්ම හේතු වී ඇත්තේ එම පාඩම් අතරට පාලි පාඩම් 10 ක් හා අභිධර්මය පාඩම් 10 ක් ද එක්වී තිබීමයි. කෙසේ හෝ වෙහෙස දරා සැලකිය යුතු කාලයක් වැය කොට 10 ශ්‍රේණිය දහම් පාසල් පෙළ පොතට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් සියල්ල සකසා නිම කොට ඇත.
නමුත් තවදුරටත් ඒ තුල වැරදි අඩුපාඩු මෙන්ම සංස්කරණය විය යුතු තැන්, වාක්‍ය නොගැලපීම්, අක්ෂර දෝශ ආදියද තිබිය හැකි වේ. මීට අමතරව වැදගත් කරුණු මගහැරී ඇති අවස්ථා ද, අනවශ්‍ය කරුණු එකතු වී ඇති අවස්ථා ද තිබිය හැක. කෙටි සටහන් සැකසීම, සංස්කරණය කිරීම, යතුරු ලියනය කිරීම ආදී සියළුම කාර්යයන් තනි පුද්ගලයෙකු විසින් සිදුකිරීමේදී ඇතැම් අත්වැරදීම් ඇසට අසු නොවී මගහැරී යාම මෙයට එක් හේතුවක් විය හැකිය.
තවද කෙටි සටහන් ප්‍රායෝගිකව භාවිතා කිරීමේදී තවදුරටත් සංස්කරණය විය යුතු තැන් හමු විය හැක. එසේ බලනකල “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” සැබැවින්ම තවමත් සම්පූර්ණයෙන් ම සකසා නිම කොට නැත. එකී නොකී දහසකුත් එකක් අඩුපාඩු මගහරවා ගැනීමට මෙම කෙටි සටහන් පරිශීලනය කරන සැමට දායක විය හැකිය. එවන් අඩුපාඩුවක් දුටුවහොත් ඒ බව අපට දැනුම්දීමට තරම් කාරුණික වන්න.
මීට අමතරව කෙටි සටහන් මාලාව පිළිබඳව වෙනත් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට හැකිනම් නිසැකයෙන්ම එය මහත් අත්වැලක් වනු ඇත. චෝදනා හා විවේචන පිළිබඳව ද එසේම දත යුතුය. ඉහත කුමන හෝ හේතුවක් මත අපව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නම් “දහම් පාසැල” බ්ලොග් අඩවියේ “සම්බන්ධ වීමට” යන නමින් ඇති අතුරු පිටුව භාවිතා කළ හැක.
ඔබට තෙරුවන් සරණයි !!!
අගෝස්තු 21, 2019 at 3:53 ප.ව.
ඇත්තටම ගොඩක් කරුණු මම මේකෙන් දැනගත්තා .. හුඟාක් උපකාර වුණා මට .. බොහොම පින් .. මෙය ඉදිරියට කරගෙන යාමට ඔබට දිරිය ලැබේවා ..!!
කැමතියිකැමතියි
ජූලි 13, 2019 at 6:45 පෙ.ව.
9 wasara 2 teram short notes
කැමතියිLiked by 1 person
ජූනි 8, 2019 at 10:53 පෙ.ව.
9 දෙවනි වාර සටහන් තව පරක්කු වෙනවාද? ඔබගේ උත්සහය අගය කරනවා. අපට එය බොහෝ වටිනවා. මෙම කර්යය නිම කිරිමට ඔබට ධෛර්යය ලැබෙවා. තෙරැවන් සරණයි.
කැමතියිLiked by 2 people
ජූනි 8, 2019 at 8:06 ප.ව.
හදිසියේම විදේශගතවීමට සිදුවුනා. එමනිසා කරගෙන ආපු වැඩපිළිවෙල තාවකාලිකව අතරමග නැවතිලයි තියෙන්නේ. කියන්න කනගාටුයි ඉතිරි කෙටි සටහන් තවදුරටත් ප්‍රමාදවේවි. නමුත් blog අඩවිය follow කරන්න. එවිට නව කෙටි සටහනක් දැමූ විගස ඔබට e-mail පණිවුඩයක් ලැබේවි. ඔබගේ දිරිගැන්වීමට ගොඩක් ස්තූතියි.
කැමතියිකැමතියි
පෙබරවාරි 9, 2019 at 8:13 ප.ව.
6 padam short notes
කැමතියිLiked by 1 person
පෙබරවාරි 11, 2019 at 6:54 ප.ව.
6 ශ්‍රේණිය නම් තරමක් ප්‍රමාද වේවි. සමාවෙන්න. මේ දිනවල 9 ශ්‍රේණියට සටහන් සකසන ගමන් ඉන්නේ.
කැමතියිLiked by 1 person
දෙසැම්බර් 3, 2018 at 7:46 පෙ.ව.
9 ශ්‍රේණියේ පාඩම් සියල්ලෙහිම කෙටි සටහන් හැකි ඉක්මනින් ලබා දෙන්න.
කැමතියිLiked by 1 person
දෙසැම්බර් 3, 2018 at 9:17 ප.ව.
පසුගිය දින වල පොඩි ප්‍රමාදයක් උනා කාර්යබහුලත්වය නිසාම. ඉතිරි කෙටි සටහන් ටිකත් හැකි ඉක්මනින් ලබා දෙන්නම්.
ස්තූති.
කැමතියිකැමතියි
නොවැම්බර් 30, 2018 at 9:02 පෙ.ව.
මෙම බ්ලොග් එක හුගාක් වටිනවා ඉදිරියටම ක්‍රියාත්මක කරගෙන යන්න
මට පුලුවන්නම් 9 වසරේ ඉතිරි පාඩම් ටිකෙත් නෝට්ස් ටිකත් එවන්න
තෙරුවන් සරණයි
කැමතියිLiked by 1 person
දෙසැම්බර් 3, 2018 at 9:16 ප.ව.
බොහොම පිං ඔබගේ දිරි ගැන්වීමට.
මම මේ දින වල 9 වසර පාඩම් වල කෙටි සටහන් සකසමින් ඉන්නේ. ඉතිරියත් හැකි ඉක්මනින් බ්ලොග් අඩවිය වෙත එක් කරන්නම්.
කැමතියිකැමතියි
ඔක්තෝබර් 7, 2018 at 7:33 ප.ව.
7 වසරේ ඒවා නැද්ද ?
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 8, 2018 at 2:43 ප.ව.
දැනට 9 වසරේ කෙටි සටහන් සම්පාදනය කරමින් පවතිනවා. 9 අලුත් විෂය නිර්දේශය නිකුත් වෙනකන් හිටපු නිසා ටිකක් පමා උනා. 9 වසරෙන් පස්සේ 7 වසර පටන් ගන්නවා. ටිකක් කල් ගතවේවි. සමාවෙන්න.
කැමතියිකැමතියි
ජූනි 18, 2018 at 11:07 ප.ව.
Nisha Fonseka
බොහොම පින්වත් ධර්ම දානයක්. 9 ශ්රෙනියෙ පාඩම් මෙ වගෙ හදනවාද? 9 පඩම් දානකන් බලන් ඉන්නෙ.
කැමතියිLiked by 1 person
ජූනි 26, 2018 at 11:42 ප.ව.
9 ශ්‍රේණියේ පාඩම් හදන ගමන් ඉන්නේ. ලඟදි තමයි පටන් ගත්තේ. අලුත් විෂය නිර්දේය එනකන් හිටියා. ඒකයි ප්‍රමාද උනේ. කාර්යබහුලත්වය නිසා ටිකක් කල් ගතවේවි. නමුත් අනිවාර්යයෙන්ම දානවා.
ඔබගේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.
කැමතියිකැමතියි
ජනවාරි 10, 2018 at 7:51 පෙ.ව.
හැකි නම් අවසන් විභාග වලට අවශය දේවල් ඇතුලත් කරන්න
කැමතියිLiked by 1 person
ජනවාරි 15, 2018 at 1:16 ප.ව.
ඉතාම හොඳ අදහසක්. දහම්පාසැල් අවසාන විභාගයට අවශ්‍ය පසුගිය ප්‍රශ්න පත්‍ර සහ කෙටි සටහන් හැකි ඉක්මනින් ඇතුලත් කරන්නම්. කාර්යබහුලත්වය නිසා යම් කාලයක් ගත වේවි. නමුත් ඉඩ ලැබුනු වහාම එය කරන්නම්.
ස්තූතියි.
කැමතියිකැමතියි
අගෝස්තු 15, 2017 at 4:54 ප.ව.
ඉතාම පිංවත් වැඩක් මේ……..
ඉදිරියටත් මෙය ගෙනයන්න.
කැමතියිකැමතියි
අගෝස්තු 17, 2017 at 11:19 පෙ.ව.
ඔබටත් බොහොම පිං. ඔබගේ ප්‍රතිචාරය අපට මහත් ශක්තියක්.
කැමතියිකැමතියි