“දහම් පාසැල” බ්ලොග් අඩවිය තුලින් ප්‍රධාන වශයෙන් දහම් පාසල් ගුරු භවතුන් වෙනුවෙන්ම සැකසුණු “ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් මාලාව” ඉදිරිපත් කරණු ලැබේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර කිරීමක් “කෙටි සටහන් භාවිතයේදී සැලකිය යුතු කරුණු” මැයෙන් ඉදිරිපත් කොට ඇති ලිපියේ අන්තර්ගත වේ.

ඊට අමතරව “අතුරු ලිපි” පිටුව හරහා පෙළ පොතට අදාල පාඩම් ඉගැන්වීමේදී ඵලදායීතාව ඉහලනැංවීම සඳහා,  විෂය නිර්දේශයට පරිබාහිර නමුත් වක්‍රාකාරව පාඩමට අදාල වන ලිපි ඉදිරිපත් කිරීම සිදු වේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර කිරීමක් “අතුරු ලිපි පිටුව හඳුන්වා දීම” මැයෙන් ඉදිරිපත් කොට ඇති ලිපියේ අන්තර්ගත වේ.

මීට අමතරව බුද්ධ ධර්මය, දහම් අධ්‍යාපනය පිලිබඳව හෝ ඒ ආශ්‍රිතව සැකසුණු වෙනත් නිර්මාණාත්මක ලිපි ආදිය බ්ලොග් අඩවියේ පල කිරීම සඳහාද “අතුරු ලිපි” පිටුව බාවිතා කළ හැක. විශය ක්ෂේස්ත්‍රයට අදාල ඕනෑම මාතෘකාවක් යටතේ සිංහල භාෂාවෙන් ලිපි සකසා අප වෙත එවන මෙන් ඔබ සැමට විවෘතව ආරාධනා කර සිටිමු.

තවද දහම් පාසල හා දහම් අධ්‍යාපනය හා සබැඳි විවිධ දෑ ලබාගැනීම සඳහා “බාගතකිරීම්” පිටුව වෙන් කොට ඇත. මේ තුලින් ඉදිරියේදී,
1. දහම් පාසල් ශ්‍රේණි විභාග සහ වාර විභාග ආදියට අදාල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
2. දහම් පාසල් අවසාන විභාගයට සහ ධර්මාචාර්‍ය විභාගයට අදාල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
3. දහම් පාසල් ගුරු විභාගයට අදාල පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර
4. දහම්පාසල් අවසාන විභාගය, ධර්මාචාර්‍ය විභාගය, ගුරු විභාගය ආදියට අදාල ඉල්ලුම්පත්‍ර සහ ඊට අදාල උපදෙස්
4. නව නිර්දේශයට අදාල පෙළ පොත් වල PDF පිටපත්
5. ශිෂ්‍ය නායක තෝරා පත් කරගැනීම් සඳහා වන ආදර්ශ ඉල්ලුම්පත්‍ර
6. ගුරු මාර්ගෝපදේශන ග්‍රන්ථයන්හි පිටපත්
ඇතුලු තවත් දහම් අධ්‍යාපනයට අදාල දහසකුත් දෑ පළ කිරීමට අපේක්ෂා කර සිටිමු.

තවද දහම්පාසැල බ්ලොග් අඩවිය වෙනුවෙන් ලිපි සම්පාදනය කිරීම, ලිපි සංස්කරණය කිරීම වැනි කර්තව්‍ය‍යන්ගෙන් ඔබගේ දායකත්වය අප වෙත ලබා දීමට කැමති නම්, “සම්බන්ධ වීමට” යන නමින් ඇති පිටුව හරහා අප හා සම්බන්ධ වන්න.

තෙරුවන් සරණයි!