8-32-1

  • අනුරාධපුරය ලංකාවේ අගනුවර ලෙස පැවති අවුරුදු 1500 ක් පමණ වූ කාලසීමාව අනුරාධපුර යුගය ලෙස හඳුන්වනු ලැබේ.

  • ඈත අතීතයේදී ඉදිකරණ ලද ගොඩනැගිලි, චිත්‍ර, භාවිතා කළ උපකරණ ආදියෙන් තවමත් ඉතිරි වී ඇති දේ පුරාවස්තු ලෙස හඳුන්වනු ලැබේ.
  • මහින්දාගමනයට පෙර කරන ලද නිර්මාණ සඳහා කල් නොපවතින ද්‍රව්‍ය භාවිතා කළ නිසා එම ගොඩනැගිලි ආදියෙහි පුරාවස්තු දුර්ලභය.
  • මහින්දාගමනයෙන් පසු ගල්, ගඩොල් වැනි කල් පවත්නා ද්‍රව්‍ය භාවිතා කළ නිසා එම ගොඩනැගිලි හා කලාකෘති වල නටබුන් අදටත් පවතී.
  • ලක්දිව බුදු දහම ව්‍යාප්ත වීමත් සමග දෙආකාරයක ඉදිකිරීම් සිදු විය.

    1. භික්ෂූන් වහන්සේගේ අවශ්‍යතා සඳහා ඉදි කරන ලද ගොඩනැගිලි.
    උදා:- දානශාලා, උපෝසථාගාර

    2. ගිහි පැවිදි දෙපිරිසේම වන්දනා හා පුද පූජා ආදිය සඳහා අවශ්‍ය නිර්මාණ.
    උදා:- චෛත්‍ය, බෝධිඝර

  • මුල් කාලයේදී භික්ෂූන් වහන්සේලා කටාරම් කොටන ලද ගල් ගුහා වල වැඩ විසූහ.
    උදා:- මිහින්තලයේ, වෙස්සගිරියේ, සිතුල්පවුවේ ඇති ගල් ගුහා.

8-32-2(මිහිඳු ගුහාව)

8-32-3(වෙස්සගිරියේ ගල් ලෙනක්)

  • පසුකාලීනව භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා විවිධ වූ ගොඩනැගිලි ඉදි විය.

    i. අරාම – වැඩ වාසය කිරීම සඳහා.
    ii. උපෝසථාගාර (පොහොය ගෙවල්) – විනය කර්ම කිරීම සඳහා.
    iii. රැස්වීම් ශාලා (සන්නිපාත ශාලා)
    iv. දාන ශාලා
    v. පධානඝර – භාවනා කිරීම සඳහා.
    vi. අරෝග්‍ය ශාලා

  • මහින්දාගමනයෙන් පසු ලක්දිව ඉදි වූ පළමු චෛත්‍ය බුදුරදුන්ගේ දකුණු අකු ධාතුව තැන්පත් කොට ඉදිකරන ලද ථූපාරාමය යි.
  • අනුරාධපුර යුගයට අයත් චෛත්‍යයන් අතරට,
    1. මිහින්තලයේ අම්බස්තලය හා මහ සෑය
    2. මාගම තිස්ස මහා චෛත්‍යය
    3. කැලණි ස්ථූපය
    4. දීඝවාපිය
    යන මේවා අයත් වේ.

8-32-4(අම්බස්තල චෛත්‍යය)

8-32-5(මිහින්තලයේ මහා සෑය)

8-32-6(තිස්සමහාරාම චෛත්‍යය)

8-32-7(කැළණි චෛත්‍යය)

8-32-8(දීඝවාපි මහා සෑය)

  • මීට අමතරව චෛත්‍ය හා සම්බන්ධ වෙනත් ඉදිකිරීම රාශියක් හා එම නටබුන් තවමත් දැකගත හැකි ස්ථාන සමහරක් පහත දක්වා ඇත.
    i. වාහල්කඩ – මිහින්තලයේ කණ්ඨක චෛත්‍ය.
    ii. බෝධිඝර – නිල්ලක්ගම බෝධිඝරය.
    iii. චේතියඝර – ථූපාරාමය හා මැදිරිගිරිය චෛත්‍ය.
    iv. ආසනඝර
    v. පිළිම ගෙය (බුදු මැදුර)
    vi. සඳකඩපහණ
    vii. මුරගල
    viii. කොරවක්ගල

8-32-9(කණ්ඨක චෛත්‍යයේ වාහල්කඩ)

8-32-10(නිල්ලක්ගම බෝධිඝරය)

10-42-2(චේතියඝරය)

8-32-11(කටුවන්නාව ආසනඝරය)

10-42-7(ලංකාතිලක පිළිමගෙය)

10-44-5(සඳකඩපහණ)

10-44-12(මුරගල)

10-44-8(කොරවක්ගල)

  • අනුරාධපුර යුගයට අයත් බුදු පිළිම අතුරින් අගනා කලාකෘති කිහිපයක් පහත දක්වා ඇත.

    1. හිඳි පිළිම :-
    i. අනුරාධපුර මහමෙව්නාවේ සමාධි ප්‍රථිමාව.
    ii. තොලුවිල සමාධි ප්‍රථිමාව.

    2. හිටි පිළිම :-
    i. කලා වැව් ඉවුරේ පිහිටි අවුකන පිළිමය.
    ii. රුවන්වැලි සෑ මලුවේ ඇති බුදු පිළිම.

8-32-12(මහමෙව්නාවේ සමාධි ප්‍රථිමාව)

8-32-13(තොලුවිල සමාධි ප්‍රථිමාව)

8-32-14(අවුකන පිළිමය)

  • සීගිරි බිතුසිතුවම් සහ හිඳගල විහාරයේ සිතුවම් අනුරාධපුර යුගයේ චිත්‍ර කළාවේ විශිෂ්ථත්වය විදහා දක්වයි.

8-32-15(සීගිරි බිතුසිතුවම්)

10-43-2(හිඳගල විහාරයේ බිතුසිතුවම්)

    වාරි කර්මාන්තය
  • ලක්දිව වාරි කර්මානතය අංශ දෙකක් ඔස්සේ සිදුවිය.
    i. ගංගා වල ජලය ඇළ මාර්ග හරහා කුඹුරු කරා ගෙනයෑම.
    ii. වැව් ඉදිකොට කුඹුරු කරා ජලය සැපයීම.
  • විවිධ රජවරුන් විසින් කරන ලද විහාර ආරාම හා වාරිකර්මානත පිළිබඳව සාරාංශයක් පහත දැක්වේ.
    1. දේවානම්පිය තිස්ස රජතුමා

    විහාර ආරාම :-
    i. මහා විහාරය
    ii. ථූපාරාමය

    වාරි කර්මාන්තය :-
    i. තිසා වැව

10-33-12(ථූපාරාම චෛත්‍යය)

8-32-16(තිසා වැව)

    2. දුටුගැමුණු රජතුමා

    විහාර ආරාම :-
    i. ලෝවාමහාපාය
    ii. මිරිසවැටිය
    iii. රුවන්වැලි සෑය හෙවත් මහාථූපය

8-32-17(ලෝවාමහාපාය)

10-33-10(මිරිසවැටිය)

10-33-11(රුවන්වැලි සෑය)

    3. වළගම්බා රජතුමා

    විහාර ආරාම :-
    i. අභයගිරිය

10-33-13(අභයගිරිය)

    4. මහසෙන් රජතුමා

    විහාර ආරාම :-
    i. ජේතවනාරාම චෛත්‍යය (ලක්දිව විශාලතම චෛත්‍යය)

    වාරි කර්මාන්ත :-
    i. මින්නේරිය වැව
    ii. කවුඩුලු වැව
    iii. හුරුලු වැව
    iv. මහ කනඳරාව වැව
    v. මහ ගල්කඩවල වැව
    යන මෙවා ඇතුලුව මහ වැව් 16 ක් සහ මහා ඇළක්.

10-33-14(ජේතවනාරාම චෛත්‍යය)

8-32-18(මින්නේරිය වැව)

    5. වසභ රජතුමා

    වාරි කර්මාන්ත :-
    i. මහා වැව් 6 ක්
    ii. ඇළහැර යෝධ ඇළ ඇතුලු ඇළවල් 12 ක්.

8-32-19(ඇළහැර යෝධ ඇළ)

    6. ධාතුසේන රජතුමා

    වාරි කර්මාන්ත :-
    i. කලා වැව

8-32-20(කලා වැව)

    7. මුගලන් රජතුමා

    වාරි කර්මාන්ත :-
    i. නාච්චදූව වැව
    ii. පදවිය වැව

8-32-21(නාච්චදූව වැව)

    අභ්‍යාස:-
    1. පෙළ පොතේ ක්‍රියාකාරකම් අංක 2, 3 කරවන්න.