8-33-1

  • සියලු සත්වයන්ට ආහාර හා නින්ද අත්‍යාවශ්‍ය බව පහත දැක්වෙන බුදු වදනින් සනාථ වේ.
    i. සියලු සත්වයෝ ආහාරයෙන් සිටින්නෝය.
    ii. රෝග අතර ඉහලම රෝගය කුසගින්න ය.
  • ආහාර ගන්නේ ජීවත් වීමට බවත් ජීවත් වන්නේ ආහාර ගැනීමට නොවන බවත් සිහි තබා ගත යුතුය.
  • තමාට හිතකර ආහාර රටාවක් පවත්වා ගැනීම සඳහා,
    i. ආහාර වර්ගය
    ii. ආහාර ප්‍රමාණය
    iii. ආහාර ගන්නා වේලාව
    iv. ආහාර වල ගුණාත්මක භාවය ගැන සැළකිළිමත් විය යුතුය.
  • කායික වර්ධනයට ප්‍රෝටීන බහුල ආහාර අවශ්‍ය වූවද ඒවා ප්‍රමාණය ඉක්මවා ගැනීමෙන් අධිබර, තරබාරු බව හා දියවැඩියාව ඇති වේ.
  • තෙල්, සීනි, ලුණු අධික ආහාර සීමා කළ යුතුය.
  • රසකාරක හා වර්ණකාරක යෙදූ ආහාර මෙන්ම කෘතීම ආහාර භාවිතයෙන් වැළකිය යුතුය.
  • නින්ද කායික හා මානසික නිරෝගී භාවය සඳහා උපකාර වන්නකි.
  • ඒ ඒ පුද්ගලයාගේ වයස, සෞඛ්‍ය ආදී තත්ව මත නින්ද අවශ්‍ය වන කාලසීමව තීරණය වේ.
  • අධික ලෙස නිදි වර්ජිතව සිටීම නිසා කායිකව දුබල වීම, ඇසේ රෝග, හිසේ රෝග ඇති විය හැකි අතර එමනිසා අධ්‍යාපනය අඩාල වීමද සිදු වේ.
  • අධික ලෙස නිදි වැරීම නිසා චක්ඛුපාල තෙරුන්ගේ ඇස් අන්ධ වීමේ සිදුවීමෙන් අධික ලෙස නිදි වැරීමේ ආදිනව තේරුම් ගත හැක.

    සටහන:-
    පෙර භවයක වෛද්‍යවරයෙකු වී සිටියදී කාන්තාවකගේ දෑස් අන්ධ කිරීමේ අකුසල විපාකය හේතුවෙන් මෙම භවයේදී චක්ඛුපාල තෙරුන්ගේ දෑස් අන්ධ වීම සිදු විය. නමුත් මෙම භවයේ දෑස් අන්ධ වූයේ චක්ඛුපාල තෙරුන් අධික ලෙස නිදි වර්ජිත වීම හේතුවෙනි.

  • නිරෝගීකම රැකගැනීම සඳහා අධික ලෙස නිදිවැරීමෙන් වැළකීමත් සෞඛ්‍යසම්පන්න ආහාර රටාවකට පුරුදු වීමත් කළ යුතුය.
    සටහන:-
    අත්ථස්සද්වාර ජාතකයේදී බුදුරජාණන් වහන්සේ විසින් දියුණුවේ දොරටු 6 ක් දේශනා කොට වදාළහ.
    i.නිරෝගී බව
    ii. ආචාරශීලි බව
    iii. වැඩිහිටියන්ගේ උපදෙස් පැතීම
    iv. හොඳ ඉගෙනීමක් තිබීම
    v. දැහැමිව ජීවත්වීම
    vi. අලස නොවීම යනු ඒවාය.
    අභ්‍යාස:-
    1. පෙළ පොතේ ක්‍රියාකාරකම් සියල්ල කරවන්න.