දහම් පාසැල් ගීතය මෙතැනින් බාගත කරගන්න. mp3 (2 MB)

දහම් පාසැල් ගීතයේ පද මාලාව

    සම්බුදු හිමිගේ – සදහම් සිහිලෙන්
    සැනැහෙන අප සිරිලක් දරුවෝ //
    දහම් පාසලේ සෙවණෙහි වැඩෙමින්
    උදාර ගුණ දම් සිත දැරුවෝ //

    පස් පව් – දස අකුසල් දුරලා
    ඉසි – කෝ – මන් හැම බිඳ හැරලා
    මෙත් – කරුණා මුදිතාදී මුනි ගුණ
    සපුරා පිළිවෙත් මඟ සරසා //
    සොමි වුවනින් දුටු දුටුවන් පිනවන
    පිය තෙපුලින් ඇසු ඇසුවන් සනහන
    හද බැතියෙන් නිති – තෙරුවන් නමදින
    උදාර ගුණ දම් සිත දැරුවෝ
    අපි වෙමු සිරිලක බොදු දරුවෝ //
    ප්‍රබන්ධය : සෝමපාල රාජකරුණා