• බුදුරජාණන් වහන්සේ නිරෝගීකම පිළිබඳව මෙසේ දේශනා කොට ඇත.
    “ආරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨිං පරමං ධනං
    විශ්වාසා පරමා ඥාතී – නිබ්බාණං පරමං ධනං”

  • මෙම ගාථාවේ තේරුම නම්,
    “නිරෝගී බව උතුම්ම ලාභයයි – සතුට උතුම්ම ධනයයි
    විශ්වාසය උතුම්ම නෑයාය – නිර්වාණය උතුම්ම සැපයයි”
  • රාත්‍රී කාලයේදී පැය 6ක් පමණ නිදාගැනීම තුලින් කායික නිරෝගී බාවයද, ඒ හරහා මානසික නිරෝගී බාවයද ලබා ගත හැක.
  • නොකඩවා ක්‍රියාත්මක වන යන්ත්‍රයක කාලයත් සමග දෝශ හටගන්නාක් මෙන් නොනිදා කය, මනස වෙහෙසා වැඩ කිරීමෙන් ලෙඩ දුක් හටගනී.
  • වැඩ කරන අතරතුර ලබාගන්නා විවේක කාලය තුලදී යලිත් වැඩ කිරීමට මිනිස් සිරුරට අවශ්‍යවන ශක්තිය නිපදවාගැනීම සිදුවේ.
  • රහත් ඵලය ලබාගැනීම සඳහා නිදි වර්ජිතව භාවනා කොට දෑස අන්ධ වූ චක්ඛුපාල තෙරුන්ගේ කතාව විවේක නොගෙන අධික ලෙස මහන්සි වීමේ ප්‍රථිඵල ගෙනහැර දක්වයි.
    සටහන:-
    චක්ඛුපාල තෙරුන්ගේ කතාව පිළිබඳ වැඩිදුර විස්තරයක් සඳහා 7 ශ්‍රේණිය 17 පාඩම, ධම්ම පදයෙන් බිඳක් උගනිමු සහ ඊට අදාල ඉගැන්වීම් උපකාරක කෙටි සටහන් බලන්න.
  • අඩුවෙන් නිදාගැනීම පමණක් නොව වැඩියෙන් නිදාගැනීමද අයහපත් වන අතර ඒ තුලින්
    1. වැඩ අතපසු වීම.
    2. රෝග හටගැනීම.
    3. කායික මානසික ශක්තිය දුර්වල වීම.
    4. නින්දාවට ලක්වීම.
    5. ආර්ථික හා සමාජ පරිහානිය ලඟාවීම ආදී ප්‍රථිඵල වලට මුහුණ දීමට සිදුවේ.
  • වර්ථමානයේ බොහෝ පිරිස් නිදි වර්ජිතව සිදුකරන ක්‍රීයා අතර,
    1. නාට්‍ය චිත්‍රපටි ආදිය නැරඹීම.
    2. මුහුණු පොතේ සැරිසැරීම.
    3. අන්තර්ජාලයේ හා වෙබ් අඩවි තුල සැරිසැරීම.
    4. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය.
    5. සූදුව.
    6. හිස් වචන කතා කරමින් කල් මැරීම.
    7. විනෝද ගමන් යාම වැනි අනවශ්‍ය ක්‍රීයා ඇතුලත් ය.
  • වෛද්‍ය මතයට අනුව ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා,
    1. ඇස් රෝග.
    2. හිසේ කැක්කුම.
    3. සමේ රෝග.
    4. මුහුණ අවපැහැගැන්වීම ආදී අතුරු ඵලයන්ට මුහුණදීමට සිදුවේ.
  • කෙසේනමුන් ඇතැම්විට පහත සඳහන් වල අත්‍යවශ්‍ය අවස්ථාවන් වලදී නිදි වර්ජිතව ක්‍රියා කිරීමට සිදු වේ.
    1. පිරිත් පිංකමකට සහභාගී වීමේදී.
    2. මංගල හෝ අවමංගල අවස්ථා වලදී.
    3. විභාගයක් සඳහා පාඩම් කිරීමේදී.
    4. දෙමාපියන් තම දරුවන්ගේ අවශ්‍යතා ඉටුකිරීමේදී.
    5. ආරක්ෂක නිළධාරීන් තම රැකියාව කිරීමේදී.
    6. ගොවියන් පැල් රැකීමේදී.
  • බුදුරදුන් විසින් ජාගරියානුයෝගය නමින් නිදිවරා භාවනා කොට මාර්ගඵල ලබාගැනීමට ක්‍රමයක් හඳුන්වා දී ඇති නමුත් එයද පමණ දැන කළ යුතුය.
  • තමන්ට හා අනුන්ට යහපතක් සිදුවන ක්‍රියාවන් වලදී හැර අනෙකුත් අනවශ්‍ය දේට නිදිවැරීමෙන් වැළකී, පැය 6 ක පමණ නින්දක් දිනපතා ලබාගැනීම තුලින් පසුදා වැයවූ ශක්තිය යලි වර්ධනය කොටගෙන සෞඛ්‍ය සම්පන්න නිරෝගී දිවියක් ලබාගත හැක.